ප්‍රවීණ ජෝතිර්වේදී
ජාත්‍යන්තර හා දේශීය රන් සම්මාන ලාභි
ආචාර්ය කේමන් කුලසිරි
0777 406178
ආචාර්ය කේමන් කුලසිරි
0777 406178
බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයුෂයෙන් සැපෙන් බලෙන් ප්‍රඥවෙන් වැඩේවා. සද්ධාවෙන් සීලයෙන් මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා. පිනෙන් ගුණ නුවනින් හා තේජසින් වැඩේවා.බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා බුදු දහමට ලෝ සතනට හිතසුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක්ම වේවා. කළගුණ දන්නා, කළගුණ සලකන සත්පුරුෂ රත්නයක්ම වේවා. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, පැවිදි උතුමන්ට සලකන, උවටැන් කරන කෘතවේදී දරුවෙක්ම වේවා. පස් පවෙන්ද, දස අකුසලයෙන් ද, පංචානන්තරිය පාපකර්මයෙන් ද පාප මිත්‍ර ආශ්‍රයෙන් ද වළකීවා. ධර්ම ඥාණයෙන් ද භාවනා ඥාණයෙන් ද පිරිපුන් දරුවෙක් වේවා. බුදු දහමට අනුව චිරාත් කාලයක් දිනේවා. ලෝක සාමය ඇති කිරිමට හැම අයුරින්ම ක්‍රියාකරන්නට සමර්ථ වේවා. රට, ජාතිය, ආගමට ඉමහත් සේවයක් සැලසීමට සමතෙක්ම වේවා. දෙලොවම ජයගෙන අමා මහ නිවනට යොමු වූ බෝසත් දරුවෙකු වශයෙන් ඉතා උතුම් සුභ මොහොතකින් සුවසේ උපදීවා. මාගේ කුස තුළ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලූ දරුවෝ ද එසේ වාසනාවන්තයෝ වේවා. මාගේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිද ගන්නා මොහොතේදී දැන දැනම පිළිසිද ගත්තා සත්‍යයයි. මව් කුස වසන කාලයේදී දැන් මම මව් කුස වසනවායැයි දැන දැනම විසුවා සත්‍යයයි. මව් කුස වසන කාලයේ දී වීදුරු කරඬුවක් ඇතුළේ තැබූ රන් පිළිමයක් සේ බෝසත් දරුවා මව් බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයයි. බිහිවන මොහොතේ දී තමන් වහන්සේටවත් මෑණියන් වහන්සේටවත් කරදරයක්, බාධකයක් නැතිව දබරාවකින් නික්මෙන දියන්තක් මෙන්ද ධර්මාසනයකින් බසින ධර්ම කථීකයාණන් කෙනෙක් මෙන්ද බොහෝ පහසුවෙන් බිහිවූවා සත්‍යයයි. මේ සත්‍යානු භාවයෙන් මාගේ කුසේ සිටින දරුවා ද මමද නීරෝගිමත් වේවා. සුවපත් වේවා. සැනසේවා. බිහිවන මොහොතේදී නිදුක් නීරෝගි භාවය ඇති ඥාණවන්ත කල්‍යාණ මිත්‍රයෙක් වැනි වාසනාවන්ත දරුවෙක් වාසනාවන්ත මොහොතක බිහිකරන්නට වාසනාව ලැබේවා. සියලූ සත්වයෝ නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා...............`දරුවා මෙලොව බිහිකරන්නට වෙහෙසෙන මෛත්‍රී සිත් ඇති වෛද්‍ය වරුන් ඇතුලූ සියලූම කාර්‍ය මංඩලයේ සැමටම සෙතම වේවා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සමග සැපත ශාන්තිය දියුණුව අත් වේවා...............`
----------------------- තිසරණ සරණයි -----------------------------
අපේ පිටුවට like එකක් දාලම යන්න >>> https://www.facebook.com/astrology.sl
යාලුවන්ටත් දැනගන්න share කරන්න.
No comments:
Post a Comment