Translate

Thursday, January 8, 2015

ගැබිණි මවක් වැඩිය යුතු මෛත්‍රී භාවනාවක්.



ප්‍රවීණ ජෝතිර්වේදී 
ජාත්‍යන්තර හා දේශීය රන් සම්මාන ලාභි
ආචාර්ය කේමන් කුලසිරි 
0777 406178
බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! ආයුෂයෙන් සැපෙන් බලෙන් ප්‍රඥවෙන් වැඩේවා. සද්ධාවෙන් සීලයෙන් මෛත්‍රීයෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩේවා. පිනෙන් ගුණ නුවනින් හා තේජසින් වැඩේවා.බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා බුදු දහමට ලෝ සතනට හිතසුව සලසන ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයෙක්ම වේවා. කළගුණ දන්නා, කළගුණ සලකන සත්පුරුෂ රත්නයක්ම වේවා. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, පැවිදි උතුමන්ට සලකන, උවටැන් කරන කෘතවේදී දරුවෙක්ම වේවා. පස් පවෙන්ද, දස අකුසලයෙන් ද, පංචානන්තරිය පාපකර්මයෙන් ද පාප මිත්‍ර ආශ්‍රයෙන් ද වළකීවා. ධර්ම ඥාණයෙන් ද භාවනා ඥාණයෙන් ද පිරිපුන් දරුවෙක් වේවා. බුදු දහමට අනුව චිරාත් කාලයක් දිනේවා. ලෝක සාමය ඇති කිරිමට හැම අයුරින්ම ක්‍රියාකරන්නට සමර්ථ වේවා. රට, ජාතිය, ආගමට ඉමහත් සේවයක් සැලසීමට සමතෙක්ම වේවා. දෙලොවම ජයගෙන අමා මහ නිවනට යොමු වූ බෝසත් දරුවෙකු වශයෙන් ඉතා උතුම් සුභ මොහොතකින් සුවසේ උපදීවා. මාගේ කුස තුළ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලූ දරුවෝ ද එසේ වාසනාවන්තයෝ වේවා. මාගේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිද ගන්නා මොහොතේදී දැන දැනම පිළිසිද ගත්තා සත්‍යයයි. මව් කුස වසන කාලයේදී දැන් මම මව් කුස වසනවායැයි දැන දැනම විසුවා සත්‍යයයි. මව් කුස වසන කාලයේ දී වීදුරු කරඬුවක් ඇතුළේ තැබූ රන් පිළිමයක් සේ බෝසත් දරුවා මව් බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයයි. බිහිවන මොහොතේ දී තමන් වහන්සේටවත් මෑණියන් වහන්සේටවත් කරදරයක්, බාධකයක් නැතිව දබරාවකින් නික්මෙන දියන්තක් මෙන්ද ධර්මාසනයකින් බසින ධර්ම කථීකයාණන් කෙනෙක් මෙන්ද බොහෝ පහසුවෙන් බිහිවූවා සත්‍යයයි. මේ සත්‍යානු භාවයෙන් මාගේ කුසේ සිටින දරුවා ද මමද නීරෝගිමත් වේවා. සුවපත් වේවා. සැනසේවා. බිහිවන මොහොතේදී නිදුක් නීරෝගි භාවය ඇති ඥාණවන්ත කල්‍යාණ මිත්‍රයෙක් වැනි වාසනාවන්ත දරුවෙක් වාසනාවන්ත මොහොතක බිහිකරන්නට වාසනාව ලැබේවා. සියලූ සත්වයෝ නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා...............`
දරුවා මෙලොව බිහිකරන්නට වෙහෙසෙන මෛත්‍රී සිත් ඇති වෛද්‍ය වරුන් ඇතුලූ සියලූම කාර්‍ය මංඩලයේ සැමටම සෙතම වේවා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සමග සැපත ශාන්තිය දියුණුව අත් වේවා...............`
----------------------- තිසරණ සරණයි -----------------------------
අපේ පිටුවට like එකක් දාලම යන්න >>> https://www.facebook.com/astrology.sl
යාලුවන්ටත් දැනගන්න share කරන්න.

ඔබ මුළා කරන දිනපතා ලග්න පලාපල



 ප්‍රවීණ ජෝතිර්වේදී
ජාත්‍යන්තර හා දේශීය රන් සම්මාන ලාභි
ආචාර්ය කේමන් කුලසිරි
0777 406178 

සුකුමාල සිකුරු ග්‍රහයා හිමි තුළ රාශියේ ගමන් ගනිමින් ,විටෙක වක්‍ර වෙමින් තවත් විටෙක නිවෘත වෙමින් අයින වීමෙන් හා උදා වෙමින් වසර දෙකහමාරකට වැඩිකාලයක් ලෝකයට විවිධ හොඳ නරක සමබරව තරාදියක දා කිරා මැන බලමින් නිසි ප්‍රතිඵල දිය යුතු තැනට නිවැරදිව ලබා දෙමින්ද අසුභ ඵල ලබා දිය යුතු තැනට එම අසුභ ඵල ලබා දෙමින් ඉතාම සෙමින් ගමන් ගත් දුකට අධිපති මහ ජනතාව නියෝජනය කරන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා 2014 නොවෙම්බර් මස 02 වන දින සුර්ය මායා ක්‍රමයෙන් 16 භාග 37 පැය 17 විනාඩියට ප්‍රචණ්ඩ කුජ හෙවත් අඟහරුගේ රාශියක් වන වෘච්චික රාශියට ගෝචර වීම සිදුවනු ඇත.එම වෘච්චික රාශියට ඉතාම අසුභ වන්නේ සෙනසුරුට සතුරු රාශියක් වන බැවිණි.සෙනසුරු මහලු දුර්වල රෝගී කකුලක් නොන්ඩි කොර ගසන චරිතයක් වන බැවින් වෘච්චික ඉතාම ජව සම්පන්න තරුණ ප්‍රචන්ඩකාරී චරිතයක් හොබවන බැවින් මෙම චරිත දෙක එකතැන තැබීමෙන් සාමය නොවන බවද නිතර මහල්ලා දෙන උපදෙස් තරුණයා පිලි නොගන්නා බැවින් නිතරම ගැටළු නිර්මාණය වනු ඇති බැවින් සෙනසුරු ග්‍රහයාගේ වෘච්චික රාශියට සම්ප්‍රාප්තිය කෙසේවත් සුභ යැයි සඳහන් කිරීමට අපහසු වනු ඇත.මේ සිද්ධාන්තයන් දෙස බැලීමේදී මාගේ ජෝතිෂ්‍ය දැනීමේ ශක්තිය අනුව ශ්‍රී ලංකාව හා මුළුමහත් ලෝකයට කෙසේ බලපානු ඇත්දැයි මෙසේ සවිස්තරාත්මකව පෙන්වා දෙන්නෙමි 
පළමුව විශ්වය දෙස බැලීමේදී විශ්ව ග්‍රහ විෂමතා ඇතිවීම තුළ අභ්‍යවකාශයේ හටගන්නා වෙනස්වීම් රැසක් නිර්මාණය වන්නට හැකි බවද ඒ තුලින් දේශගුණික හා කාලගුණික වෙනස්වීම් රැසක්ම සිදුවන බැවින් ජලය පිලිබඳ තද ගැටළු ඇතිවනු පෙනේ.ඉතාම දිගු නියඟයකට භාජනය වීමෙන් ලෝකයේ විවිධ රටවල මහා ගිනිගැනීම් හා ආහාර හිඟ වීමද සිදුවන අතර සොයාගැනීමට පවා අපහසු විෂබීජ නිර්මාණයවී පුදුම හිතෙන රෝගවලට ඉතාම දුප්පත් රටවල ජනතාවට ඒවා බලපෑමෙන් විශාල මිනිස් සංහාරයක් අසන්නට දකින්නට සිදුවේ.විශ්වයේ අලුත්ම සොයාගැනිම්ද නව ග්‍රහ ලෝකයක තොරතුරක් විදු ඇසට අසුවනු පෙනේ.නවතම සංහාරක අවි නිපදවීමක් ගැනද ත්‍රස්තවාදී ක්‍රියාවන් හා සංවිධාන වල ඉතාම දරුණු ක්‍රියාකාරකම් රැසක් ඇතිවී ප්‍රභල රටවල මහා විනාශයක්ද ඇති කරන්නට සමත් කාලයක් බැව්ද පෙනේ.රට රටවල යුධ ක්‍රියාධාමයන් වල ඉතාම වැඩිවීමක් වන අතර අ තුළින් විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක්ද සිදුවන්නට නියමිත වන්නේය.අවි අයුධ හා මත් ද්‍රව්‍ය පිලිබඳ ඇති විශාල ජාවාරම් වැඩි වීමද සිදුවනු ඇත.දරුණු ගිනිකඳු පිපිරීමක්ද අසන්න දකින්න සිදුවියහැකි බවද ගුවන් අනතුරු හා දුම්රිය අනතුරු බහුලව සිදුවන්නටද පිළිවන.දේශපාලන වශයෙන් ලොව බලවත්ම රටවල නායකයන්ට එම පුටු අහිමි වන්නටද ජනතා අරගල වැඩි වනු ඇති බව ද පෙනී යයි.ප්‍රධාන පෙලේ නායකයන්ට නීතියේ රැහැනින් කරදර සිදුවී දඩුවම් ලැබීමට සිදුවන කාලයක් ලෙසද පෙනී යයි.නීතියේ ආධිපත්‍ය වැඩිවනු ඇති බවද ජනතාවට එයින් සුබ ඵල අත්වන බවද මුළුමහත් ලෝක ජනතාවට සතුටු වන්නට හැකි තත්වයක් නිර්මාණය වනු පෙනේ.
අප ශ්‍රීලංකාවට ලග්නාධිපති සෙනසුරු වන බැවින් එම සෙනසුරු සතුරු රාශියක් වන වෘච්චිකට පැමිණීම එතරම් සුබ ඵලයක් බලාපොරොත්තු විය නොහැකි වන්නේ රාජ්‍ය සේවා අංශ වල අවුල් සහගත තත්වයක් ඇති කරවන්නට සමත් වන බැවිණි.උද්ගෝෂණ ,වැඩවර්ජන හා මහජන කැළඹිලි ඇති කරවන්නටද රාජ්‍ය සේවා අංශ වල සේවා කටයුතු අවුල් කරන යම් විරුද්ධ බලවේගයන් ක්‍රියාත්මක වීමක්ද සිදුවන්නට හැකි අත‍ර රාජ්‍ය නීති අංශ වලටද එම තත්වය ඇතුල්විය හැකි බවද පෙනී යයි.නීතියේ රැහැන තව තවත් වැඩිවී නරක වැඩ වල යෙදෙන අයට දැඩි දඩුවම් ලැබෙන බවද පෙනී යයි.සමහර රාජ්‍ය අංශ වල ගන්නා තීරණ නිවැරදි අවබෝධයෙන් තේරුම් නොගැනීම නිසා බොහෝ පුද්ගලික හා රාජ්‍ය අංශ වල අවුල් සහගත තත්වයන් ඇතිවීම සිදුවන්නේය.අවි අයුධ බාවිතා කරන අයට ඒවා නිසාම කරදර විඳින්නට සිදුවන කාලයකි.විෂම රෝග තත්වයන් වල යම් වැඩිවීම් සිදුවීම නිසා සෞඛ්‍ය අංශ වල ගැටළු ඇති වනු ඇත.
පොළවෙන් ලැබෙන දේ වැඩිවන්නට හේතු වන ඇති බැවින් මැණික් ඉල්ලම් පෑදිමක්ද .වගා කටයුතු වල යම් සාර්ථක ඵල අත්විමක්ද ඇතිවන බැවින් වර්ෂයේ මුල් කාලයේ පැවති අහාර මිල පහත වැටිමක්ද සිදුවනු ඇත.වඩා වැඩිපුර වියලි තත්වයක් වර්ෂය මැද සිට ආරම්භ වී ගොවිතැන් වලට ගැටළු ඇතිවන්නටද හැකි බව පෙනේ.වර්ෂයේ මැද භාගයෙන් පසු ලැව් ගිණි ඇතිවීමක්ද සිදුවනු පෙනේ.
දේශපාලනය දෙස බැලීමේදී පෙනීයන්නේ සියලු දේශපාලන පිරිස් එකට නැගී සිටීමක් සිදු නොවනු ඇති බවත් පිල් බෙදීම් තව තවත් වැඩිවන බවකි.එම නිසා අලුත් දේශපාලන පක්ෂ බිහිවීමක්ද ඇති විය හැකිය .ලබන වර්ෂයේ මැතිවරණ වර්ෂයක් ලෙස ඇතිවන්නට බොහෝ ඉඩ ඇති බැවින් සෙනසුරු ග්‍රහයා සෙනසුරු ග්‍රහ සතුරු රාශි ගත වීමක් සමගම මහ ජනතාව හා දුගී ජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු නිසා යම් ගැටළු සහගත තත්වයන් හා අවුල් සහගත තත්වයන් ඇතිවන්නටද පිළිවන.එසේ උවද මහජනතාවට ලැදි දේශපාලන පක්ෂ වටා මහජනයා රොක්විමක් සිදුවනු ඇත.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතිදුන්ගේ ලග්නය වන කන්‍යා ලග්නයෙන් තුන් වැන්නට සෙනසුරු පැමිණීම නිසා සෙනසුරු තුන් වැන්නට සුභ ඵල අත්කර දෙන බැවින් ලබන වර්ෂයේ ජනාධිපතිවරණය තැබුවොත් ස්ථිරවම තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට වැඩිම මනාප ප්‍රමාණයක් ලබමින් ලබාගනිමින් පත්වනු ඇත.
ජනතා සුභ සිද්ධිය වැඩිවන අතර රාජ්‍ය පාලක පක්ෂ වලට යහපත සේම විපක්ෂයේ අවුල් වැඩි වී හවුල් පක්ෂ හා සුළු පක්ෂ වල කැඩී බිඳී යාමද අඩු නොවනු ඇත.
ආගමික තත්වය මුල් කරගෙන කටයුතු කරන කොටස් වැඩි වීමක්ද සිදුවන අතර ඒ තුළින් ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට පිළිවන.අධ්‍යාපන අංශ වලද එතරම් සුභ දායක තත්වයක් නොපෙනෙන අතර යම් උසස් අධ්‍යාපන ආයතන තුළ ගැටළු ,උද්ගෝෂණ ඇතිවිය හැකිය.විදේශ ත්‍රස්තවාදී කල්ලි වල හොල්මන් අප රට තුලට අතුලුවිමට උත්සහ දැරීමක් වැනි සිදුවීමක් ඇතිවිය හැකිය.
දේව ඇදහිලි විශ්වාසයේ වැඩිවීමක්ද පෙනේ.අගම දහමට වඩා වැඩි නැඹුරුවක් දක්වන්නේ ඉක්මන් ඵල අත්කරගැනීමේ ආශාවන් වැඩිවීම මිනිස් සිතා තුළ ඇතිවන බැවිණි.එම නිසාම පන්සලට වඩා දේවල වලට ඇදී යන පිරිස වැඩිවනු ඇත.
කළා කටයුතු අංශ වලට එතරම සුභ කාලයක් නොවන්නේ කුජ හා ශනිගේ සතුරු ග්‍රහ බල ක්‍රියාත්මක වෙමින් සිකුරුට බලවත් වීමට ඉඩ නොදෙන බැවිණි.එමගින් කළා කටයුතු වලද යම් යම් අවුල්සහගත තත්වයන් ඇතිවන්නට එම සංගම් තුලට දේශපාලනය ඇතුළු වීමකින් අවුල් සහගත තත්වයක් ඇතිවන්නට බොහෝසෙයින් ඉඩ ඇත.එසේම කළා අංශයේ සංගීත කේෂ්ත්‍රයේ ප්‍රභල කෙනෙකුන්ගේ අභාවයක් සිදුවන්නට පිළිවන.
කෙසේ නමුත් සමස්ත වශයෙන් ශ්‍රීලංකාවට තදබල ගැටළු ඇති නොවන අතර ආර්ථික අංශ හා කොටස් වෙළඳපොල තුළ වර්ධනයක් ඇතිවන අතරම අලුත් ව්‍යාපාර හා විදේශ ආයෝජකයින්ගේ ඇති විශාල වැඩි වීමක් ශ්‍රීලංකාව තුළ ඇතිවන්නේය.සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබේ එසේම සංචාරක අංශ වල වැඩිම වාර්තාගත අදායම් ලැබිමක්ද සිදුවනු ඇත.
විදෙස් රටවලින් වෙනත් ආධාර උපකාර වැඩිවන්නේ සිතා සිටි තත්වයන් අභිබවා බව පෙන්නුම් කෙරේ.
කෙසේ නමුත් සමස්තයක් වශයෙන් තුලා ලග්නයට තවත් වසර 2.5 ක් ද වෘච්චික ලග්න කරුවන්ට වර්ෂ 5 ක්ද ධනු ලග්න හිමියාට වර්ෂ 7.5ක් ද සෙනසුරු ලග්න ඒරාෂ්ඨක ඇතිවන අතර මේෂ ලග්න හිමි අයවලුන්ට සෙනසුරු ලග්න අෂ්ටම ඒරාෂ්ඨක වර්ෂ 2.5ක්ගත කරන්නට සිදුවේ.මේ අනුව එම ලග්න හිමි සියළු ලෝකවාසී ජනතාව නිතර තමාගේ හිතට එකඟව කුසල් සිත් ඇතිව මෛත්‍රී සිතුවිලි ඇතිකරගෙන ඉදිරියට ඇතිවන විපත් වලින් ආරක්ෂා වී සිටීමට තමන්ගේ ආගමට අනුව කටයුතු කරමින් දැහැමිව සිටිනලෙස දැනුවත් කරමි.
වැදගත් කියල හිතුණ නම් අපේ පිටුවට like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…
යාලුවන්ටත් දැනගන්න share කරන්න.

සෙනසුරු මාරුව (2014/11/02)


ප්‍රවීණ ජෝතිර්වේදී
ජාත්‍යන්තර හා දේශීය රන් සම්මාන ලාභි
ආචාර්ය කේමන් කුලසිරි
0777 406178

සුකුමාල සිකුරු ග්‍රහයා හිමි තුළ රාශියේ ගමන් ගනිමින් ,විටෙක වක්‍ර වෙමින් තවත් විටෙක නිවෘත වෙමින් අයින වීමෙන් හා උදා වෙමින් වසර දෙකහමාරකට වැඩිකාලයක් ලෝකයට විවිධ හොඳ නරක සමබරව තරාදියක දා කිරා මැන බලමින් නිසි ප්‍රතිඵල දිය යුතු තැනට නිවැරදිව ලබා දෙමින්ද අසුභ ඵල ලබා දිය යුතු තැනට එම අසුභ ඵල ලබා දෙමින් ඉතාම සෙමින් ගමන් ගත් දුකට අධිපති මහ ජනතාව නියෝජනය කරන ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා 2014 නොවෙම්බර් මස 02 වන දින සුර්ය මායා ක්‍රමයෙන් 16 භාග 37 පැය 17 විනාඩියට ප්‍රචණ්ඩ කුජ හෙවත් අඟහරුගේ රාශියක් වන වෘච්චික රාශියට ගෝචර වීම සිදුවනු ඇත.එම වෘච්චික රාශියට ඉතාම අසුභ වන්නේ සෙනසුරුට සතුරු රාශියක් වන බැවිණි.සෙනසුරු මහලු දුර්වල රෝගී කකුලක් නොන්ඩි කොර ගසන චරිතයක් වන බැවින් වෘච්චික ඉතාම ජව සම්පන්න තරුණ ප්‍රචන්ඩකාරී චරිතයක් හොබවන බැවින් මෙම චරිත දෙක එකතැන තැබීමෙන් සාමය නොවන බවද නිතර මහල්ලා දෙන උපදෙස් තරුණයා පිලි නොගන්නා බැවින් නිතරම ගැටළු නිර්මාණය වනු ඇති බැවින් සෙනසුරු ග්‍රහයාගේ වෘච්චික රාශියට සම්ප්‍රාප්තිය කෙසේවත් සුභ යැයි සඳහන් කිරීමට අපහසු වනු ඇත.මේ සිද්ධාන්තයන් දෙස බැලීමේදී මාගේ ජෝතිෂ්‍ය දැනීමේ ශක්තිය අනුව ශ්‍රී ලංකාව හා මුළුමහත් ලෝකයට කෙසේ බලපානු ඇත්දැයි මෙසේ සවිස්තරාත්මකව පෙන්වා දෙන්නෙමි
පළමුව විශ්වය දෙස බැලීමේදී විශ්ව ග්‍රහ විෂමතා ඇතිවීම තුළ අභ්‍යවකාශයේ හටගන්නා වෙනස්වීම් රැසක් නිර්මාණය වන්නට හැකි බවද ඒ තුලින් දේශගුණික හා කාලගුණික වෙනස්වීම් රැසක්ම සිදුවන බැවින් ජලය පිලිබඳ තද ගැටළු ඇතිවනු පෙනේ.ඉතාම දිගු නියඟයකට භාජනය වීමෙන් ලෝකයේ විවිධ රටවල මහා ගිනිගැනීම් හා ආහාර හිඟ වීමද සිදුවන අතර සොයාගැනීමට පවා අපහසු විෂබීජ නිර්මාණයවී පුදුම හිතෙන රෝගවලට ඉතාම දුප්පත් රටවල ජනතාවට ඒවා බලපෑමෙන් විශාල මිනිස් සංහාරයක් අසන්නට දකින්නට සිදුවේ.විශ්වයේ අලුත්ම සොයාගැනිම්ද නව ග්‍රහ ලෝකයක තොරතුරක් විදු ඇසට අසුවනු පෙනේ.නවතම සංහාරක අවි නිපදවීමක් ගැනද ත්‍රස්තවාදී ක්‍රියාවන් හා සංවිධාන වල ඉතාම දරුණු ක්‍රියාකාරකම් රැසක් ඇතිවී ප්‍රභල රටවල මහා විනාශයක්ද ඇති කරන්නට සමත් කාලයක් බැව්ද පෙනේ.රට රටවල යුධ ක්‍රියාධාමයන් වල ඉතාම වැඩිවීමක් වන අතර අ තුළින් විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක්ද සිදුවන්නට නියමිත වන්නේය.අවි අයුධ හා මත් ද්‍රව්‍ය පිලිබඳ ඇති විශාල ජාවාරම් වැඩි වීමද සිදුවනු ඇත.දරුණු ගිනිකඳු පිපිරීමක්ද අසන්න දකින්න සිදුවියහැකි බවද ගුවන් අනතුරු හා දුම්රිය අනතුරු බහුලව සිදුවන්නටද පිළිවන.දේශපාලන වශයෙන් ලොව බලවත්ම රටවල නායකයන්ට එම පුටු අහිමි වන්නටද ජනතා අරගල වැඩි වනු ඇති බව ද පෙනී යයි.ප්‍රධාන පෙලේ නායකයන්ට නීතියේ රැහැනින් කරදර සිදුවී දඩුවම් ලැබීමට සිදුවන කාලයක් ලෙසද පෙනී යයි.නීතියේ ආධිපත්‍ය වැඩිවනු ඇති බවද ජනතාවට එයින් සුබ ඵල අත්වන බවද මුළුමහත් ලෝක ජනතාවට සතුටු වන්නට හැකි තත්වයක් නිර්මාණය වනු පෙනේ.
අප ශ්‍රීලංකාවට ලග්නාධිපති සෙනසුරු වන බැවින් එම සෙනසුරු සතුරු රාශියක් වන වෘච්චිකට පැමිණීම එතරම් සුබ ඵලයක් බලාපොරොත්තු විය නොහැකි වන්නේ රාජ්‍ය සේවා අංශ වල අවුල් සහගත තත්වයක් ඇති කරවන්නට සමත් වන බැවිණි.උද්ගෝෂණ ,වැඩවර්ජන හා මහජන කැළඹිලි ඇති කරවන්නටද රාජ්‍ය සේවා අංශ වල සේවා කටයුතු අවුල් කරන යම් විරුද්ධ බලවේගයන් ක්‍රියාත්මක වීමක්ද සිදුවන්නට හැකි අත‍ර රාජ්‍ය නීති අංශ වලටද එම තත්වය ඇතුල්විය හැකි බවද පෙනී යයි.නීතියේ රැහැන තව තවත් වැඩිවී නරක වැඩ වල යෙදෙන අයට දැඩි දඩුවම් ලැබෙන බවද පෙනී යයි.සමහර රාජ්‍ය අංශ වල ගන්නා තීරණ නිවැරදි අවබෝධයෙන් තේරුම් නොගැනීම නිසා බොහෝ පුද්ගලික හා රාජ්‍ය අංශ වල අවුල් සහගත තත්වයන් ඇතිවීම සිදුවන්නේය.අවි අයුධ බාවිතා කරන අයට ඒවා නිසාම කරදර විඳින්නට සිදුවන කාලයකි.විෂම රෝග තත්වයන් වල යම් වැඩිවීම් සිදුවීම නිසා සෞඛ්‍ය අංශ වල ගැටළු ඇති වනු ඇත.
පොළවෙන් ලැබෙන දේ වැඩිවන්නට හේතු වන ඇති බැවින් මැණික් ඉල්ලම් පෑදිමක්ද .වගා කටයුතු වල යම් සාර්ථක ඵල අත්විමක්ද ඇතිවන බැවින් වර්ෂයේ මුල් කාලයේ පැවති අහාර මිල පහත වැටිමක්ද සිදුවනු ඇත.වඩා වැඩිපුර වියලි තත්වයක් වර්ෂය මැද සිට ආරම්භ වී ගොවිතැන් වලට ගැටළු ඇතිවන්නටද හැකි බව පෙනේ.වර්ෂයේ මැද භාගයෙන් පසු ලැව් ගිණි ඇතිවීමක්ද සිදුවනු පෙනේ.
දේශපාලනය දෙස බැලීමේදී පෙනීයන්නේ සියලු දේශපාලන පිරිස් එකට නැගී සිටීමක් සිදු නොවනු ඇති බවත් පිල් බෙදීම් තව තවත් වැඩිවන බවකි.එම නිසා අලුත් දේශපාලන පක්ෂ බිහිවීමක්ද ඇති විය හැකිය .ලබන වර්ෂයේ මැතිවරණ වර්ෂයක් ලෙස ඇතිවන්නට බොහෝ ඉඩ ඇති බැවින් සෙනසුරු ග්‍රහයා සෙනසුරු ග්‍රහ සතුරු රාශි ගත වීමක් සමගම මහ ජනතාව හා දුගී ජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු නිසා යම් ගැටළු සහගත තත්වයන් හා අවුල් සහගත තත්වයන් ඇතිවන්නටද පිළිවන.එසේ උවද මහජනතාවට ලැදි දේශපාලන පක්ෂ වටා මහජනයා රොක්විමක් සිදුවනු ඇත.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතිදුන්ගේ ලග්නය වන කන්‍යා ලග්නයෙන් තුන් වැන්නට සෙනසුරු පැමිණීම නිසා සෙනසුරු තුන් වැන්නට සුභ ඵල අත්කර දෙන බැවින් ලබන වර්ෂයේ ජනාධිපතිවරණය තැබුවොත් ස්ථිරවම තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට වැඩිම මනාප ප්‍රමාණයක් ලබමින් ලබාගනිමින් පත්වනු ඇත.
ජනතා සුභ සිද්ධිය වැඩිවන අතර රාජ්‍ය පාලක පක්ෂ වලට යහපත සේම විපක්ෂයේ අවුල් වැඩි වී හවුල් පක්ෂ හා සුළු පක්ෂ වල කැඩී බිඳී යාමද අඩු නොවනු ඇත.
ආගමික තත්වය මුල් කරගෙන කටයුතු කරන කොටස් වැඩි වීමක්ද සිදුවන අතර ඒ තුළින් ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට පිළිවන.අධ්‍යාපන අංශ වලද එතරම් සුභ දායක තත්වයක් නොපෙනෙන අතර යම් උසස් අධ්‍යාපන ආයතන තුළ ගැටළු ,උද්ගෝෂණ ඇතිවිය හැකිය.විදේශ ත්‍රස්තවාදී කල්ලි වල හොල්මන් අප රට තුලට අතුලුවිමට උත්සහ දැරීමක් වැනි සිදුවීමක් ඇතිවිය හැකිය.
දේව ඇදහිලි විශ්වාසයේ වැඩිවීමක්ද පෙනේ.අගම දහමට වඩා වැඩි නැඹුරුවක් දක්වන්නේ ඉක්මන් ඵල අත්කරගැනීමේ ආශාවන් වැඩිවීම මිනිස් සිතා තුළ ඇතිවන බැවිණි.එම නිසාම පන්සලට වඩා දේවල වලට ඇදී යන පිරිස වැඩිවනු ඇත.
කළා කටයුතු අංශ වලට එතරම සුභ කාලයක් නොවන්නේ කුජ හා ශනිගේ සතුරු ග්‍රහ බල ක්‍රියාත්මක වෙමින් සිකුරුට බලවත් වීමට ඉඩ නොදෙන බැවිණි.එමගින් කළා කටයුතු වලද යම් යම් අවුල්සහගත තත්වයන් ඇතිවන්නට එම සංගම් තුලට දේශපාලනය ඇතුළු වීමකින් අවුල් සහගත තත්වයක් ඇතිවන්නට බොහෝසෙයින් ඉඩ ඇත.එසේම කළා අංශයේ සංගීත කේෂ්ත්‍රයේ ප්‍රභල කෙනෙකුන්ගේ අභාවයක් සිදුවන්නට පිළිවන.
කෙසේ නමුත් සමස්ත වශයෙන් ශ්‍රීලංකාවට තදබල ගැටළු ඇති නොවන අතර ආර්ථික අංශ හා කොටස් වෙළඳපොල තුළ වර්ධනයක් ඇතිවන අතරම අලුත් ව්‍යාපාර හා විදේශ ආයෝජකයින්ගේ ඇති විශාල වැඩි වීමක් ශ්‍රීලංකාව තුළ ඇතිවන්නේය.සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබේ එසේම සංචාරක අංශ වල වැඩිම වාර්තාගත අදායම් ලැබිමක්ද සිදුවනු ඇත.
විදෙස් රටවලින් වෙනත් ආධාර උපකාර වැඩිවන්නේ සිතා සිටි තත්වයන් අභිබවා බව පෙන්නුම් කෙරේ.
කෙසේ නමුත් සමස්තයක් වශයෙන් තුලා ලග්නයට තවත් වසර 2.5 ක් ද වෘච්චික ලග්න කරුවන්ට වර්ෂ 5 ක්ද ධනු ලග්න හිමියාට වර්ෂ 7.5ක් ද සෙනසුරු ලග්න ඒරාෂ්ඨක ඇතිවන අතර මේෂ ලග්න හිමි අයවලුන්ට සෙනසුරු ලග්න අෂ්ටම ඒරාෂ්ඨක වර්ෂ 2.5ක්ගත කරන්නට සිදුවේ.මේ අනුව එම ලග්න හිමි සියළු ලෝකවාසී ජනතාව නිතර තමාගේ හිතට එකඟව කුසල් සිත් ඇතිව මෛත්‍රී සිතුවිලි ඇතිකරගෙන ඉදිරියට ඇතිවන විපත් වලින් ආරක්ෂා වී සිටීමට තමන්ගේ ආගමට අනුව කටයුතු කරමින් දැහැමිව සිටිනලෙස දැනුවත් කරමි.
වැදගත් කියල හිතුණ නම් අපේ පිටුවට like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…
යාලුවන්ටත් දැනගන්න share කරන්න.

සෙත් කවි කීවත් පල ලබන්නට නොහැකි වුයේ ඇයි?




ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178

කවි ලිවිය හැකි අය අද සමාජය තුල ඒමට දැකිය හැකි නමුත් නිවැරදිව සෙත් කවියක් සාස්ත්‍රාණුකුලව ලිවීමට හැකි පිරිස ශ්‍රී ලංකාව තුල සිටින්නේ ඇගිලි නමා ගැනිය හැකි තරම් ඉතාම සුලු පිරිසකි. එසේ වුවද සෙත් කවි යනු කුමක්දැයි කියා කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් රවටා මුදල් ගසාකන පුස් කවි ලියනඅය සෑම තැනම දැකිය හැකිය. ලංකාව තුල ජෝතිෂ්‍ය කරන අය අතර සාස්ත්‍රය නොදත් පිරිසක් සෙත් කවි ඇතිබව සත්‍යකි. එසේ නිගමනය කරන්නේ මා හට ලැබුණු තොරතුරු හා මා කල පර්යේෂණ තුලින් ඔප්පු කරගත් කරුණු පදනම් කරගෙනයි. වැරදියට ලියා ඇති කවි ඕනෑ තරම් මට ලැබී තිබේ. සම්බුද්ධ සාසනය නමින් චීවරයට මුවාවී එවැනි බොරු කරන තවත් පිරිසක්ද සිටින්නේය.
සෙත් කවි කියා අවසන් වූ විට එම කවි දෙවියන්ට ඔප්පු කරනවා කියා දේවාලයේ පිළිමය ලග හෝ පන්සලේ බුදුගෙයි නැත්නම් බෝධිය තුලට දමා එන්නේ සෙත් කවියක් දෙවියන්ට ඔප්පු කරනවා යනුවෙන් කලයුත්තේ කුමක්දැයි නොදන්නා කමිනි. එසේ දමා එන සෙත් කවි රැගෙන ගොස් එහි ඇති නම වෙනස් කොට තමන් සෙත් කවිය ලියා දුන් ලෙස කවි සකසා දී මුදල් උපයන පිරිසක්ද සිටින්නේය. මෙලෙස වැරදි කවි ලියන ලියවා ගන්නා පුස් කවි හෙවත් තම නමට උපන් නැකතට අනුව ගණ පිහිටුවා නොලියන ලද කොතරම් කීවද කිසිදු ප්‍රථිපලයක් බලාපොරොත්තු විය නොහැකි වේ. එම වැරදි කවිය කියවූ නිසාම මහා විනාශයක්ම අත්වන්නේ තම නමට උපන් නැකතට අනුව සිහෙන සෙත් කවියක් නොවන බැවිනි.
සෙත් කවියෙන් තම බලාපොරොත්තුව ඉටුකර ගන්නට නොහැකි වීමට හේතු වන්නේ .........
පල ලබන්නට සෙත් කවියක් සාදනවා නම් තමන් උපන් නැකතට හා නමට ලග්නයට පංච භුතයට අනුව නිවැරදිව ගණ පිහිටුවා සුබ නැකත් හෝරාවක අවශ්‍ය කාරණාවට අනුව සුදුසු ස්ථානයක සිට සෙත් කවිය සකස්කර ගත යුතුය. මේ සදහා නිවැරදිව ශබ්ද සාස්ත්‍රය දන්නා උගත් නිරෝගී ඉතා සුපින්වත් ජීවිතයක් ගතකරමින් සිටින දැහැමි කෙනෙකුම ඔබ තෝරා ගත යුතුය.
නිවැරදි සෙත් කවියක් ලියවා ගත් පසු එම සෙත් කවිය කියවීමද නිවැරදිවම කරගත යුතුවේ. මේ සදහා වැඩිපුරම පිරිසක් සෙත් කවිය කියවීමට තෝරා ගන්නේ කපු මහතෙකු යයි කියා ගන්නා පුද්ගලයෙකි.නැත්නම් පන්සලේ අපගේ හාමුදුරුවරුන්ය. මෙම දෙකම ඉතාම වැරදි ක්‍රියාවකි.ඉතාම සුදුසුම වන්නේ ඔබට හොදින්ම ආදරය කරන ලගින්ම ඔබගේ දුකට සැපට එක ලෙසම සිටින මව පියා බිරිද සැමියා නැත්නම් දුවා දරුවන් සහෝදර සහෝදරියන් හෝ මිතුරා හෝ මිතුරියයි. එවිට කවියේ ඇති බලය සේම හදවතින්ම ඔවුන් ඔබට දක්වන සෙනෙහස සමග එකතු වී ප්‍රථිපලය ඉක්මනින්ම ලැබෙන්නේය.
“නැ නැ ඔය බොරු සෙත් කවිය කියන්න ඕන කපු මහතෙකුමයි නැත්නම් වස් වදිනව ගැහැණු උදවියට සෙත් කවි කියන්න හොද නෑ” මෙවැනි බොරු බේගල් ප්‍රචාරය කරමින් මිනිසුන් බියගන්වන්නේ බෝධියක් ලග එසේ නැත්නම් දේවාලයක් ලග ඉදගෙන මුදල් හම්බකරන්න හදන නූගත් අයයි.කපු මහතා දෙවියන් මවල එවපු කෙනෙක්ද? නෑ ඔබ අප වගේම අම්ම කෙනෙකුගේ කුසින් ඉපදුණු කෙනෙක් තමයි ඔහුත්. රැකියාව වශයෙන් තෝරාගෙන ජීවත් වන්න කරන උත්සහයක්. ඒකත් පිළිවෙලට කරන අය ඉන්නේ කීදෙනාද? වැඩිපුර ඉන්නේ මුදල් ගරාගන්න වැඩ කරන අය. පෝය ලගාවෙනකම් ඇගිලි ගැන ගැන ඉදල සෙත් කවි කියන්න යනවා. බලන්න ඒකවත් හරියට කරනවද? වරද්ද වරද්ද කියවනවා. පෝය දිනවලට දේවාලයට ගිහිල්ලම බලන්න.තාරගයට වගේ දෙන්න තුන්දෙනා මහ හයියෙන් තමන්ගේ කවිය අනිත් අය යටකරගෙන යන්න හිතාගෙන කියවනවා. එහෙම සෙත් කවි කියවා පල ලබාගන්න කිසිවිටකත් බැහැ.මෙහෙම කවි කියල මුදල් ගන්න එකත් සසරේ පලදෙන මහ අකුසල කර්මයක්.
සම්බුදු දහමට අනුව සිල් රකින අපේ හාමුදුරු වරුන්ගෙන් මම විමසල තිබෙනවා සෙත් කවි කීම යාග හෝම ශාන්ති කර්ම කිරීම අපේ හාමුදුරුවරුන්ට අකැපයි නේද? කියා. එය සතයක් බවත් ගිහියන් පැමිණ කරදර කරන නිසා සෙත් කවි කීමට සිදුවී ඇති බවත් පවසා තිබෙනවා. එසේ නම් අපේ මුදුන් මල්කඩ බදු හාමුදුරුවන්ට කියා සෙත් කවි යාග හෝම කරවා ගන්නට මින් පසුව වත් යන්න එපා. එසේ කළහොත් සංඝයා වහන්සේලාගේ උතුම් සීලය බිදීමේ අකුසල කර්මයට හසුවනු ඇත. දැන උගත් ඔබ දන්නා සංඝයා වහන්සේ නමකගෙන් විමසා බලන්න එවිට සත්‍ය වැටහේවි.
ප්‍රථිපල ගන්නට සෙත් කවිය කියවන්නට නම්.........
පසළොස්වක පෝයට පෙර දින තුනක් හෝ හතක් ඉතා භක්තියෙන් සෙත් කවිය අතිති කරුද සෙත් කවිය කියවන්නාද වත් පිළිවෙත් රකිමින් මස් මාංශ වලින් වැළකී ඉතා සිල්වත්ව සිටීමෙන් සෙත් කවිය කියවීම කළහොත් ඉතාම ඉක්මනින් යහපත් ප්‍රථිපල ලැබීමට වාසනාව ඇතිවන්නේය.
සෙත් කවිය කියවන වෙලාවට සෙත් කවියේ අයිතිකරු සහභාගී නොවේනම් විදේශයක සිටියත් සෙත් කවියක් ඔහු හෝ ඇය වෙනුවෙන් කියවන බව ස්ථිරවම දැනුවත් විය යුතුය. එසේ නැත්නම් සෙත් කවියෙන් බලාපොරොත්තු වන දේ ඉටුවන්නේ නැත. එය පහදා දෙනවා නම් එකම නම ඇති සියලුම දෙනාට ප්‍රථිපලය බෙදී යයිද? තවත් පැහැදිලි කරනවා නම් දුරකථනයක ඔබට අවශ්‍ය කෙනාගේ අංකයට කථා කරවිටඑම මොහොතේ රිසිවරය ඔහු හෝ ඇය එසවූයේ නැත්නම් එය විසන්ධි වේ.එවැනි විදියට සෙත් කවියද අපතේ යන්නේය.එබැවින් සෙත් කවිය කියන මොහොතේම සෙත් කවියේ අයිතිකරු ලොව කොතැනක සිටියත් දැනුවත් වී ඔහු හෝ ඇය එම සෙත් කවියෙන් මට යහපතක්ම වේවා යයි සිතීමෙන් ඉක්මන් සාර්ථක පල අත්වේ.
සෙත් කවිය කියවන්නට සුදුසුම වෙලාව.........
නිවැරදිව ලියවාගත් සෙත් කවියද රැගෙන රාත්‍රී 9ට පසු ඉතාම නිහඩ පරිසරයක ඇති නිතර පුද පූජා පවත්වන බෝධීන් වහන්සේ නමක් ඇති ස්ථානයකට ගොස් බෝධීන් වහන්සේ අවට හොදින් පවිත්‍ර කර පහන් මල් පැන් ගිලන්පස දැහැත් සුවදවත් හදුන්කුරු හා බෝධීන් වහන්සේ දෝවනය කිරීම සදහා පැන් තබා කාටවත් කරදරයක් නොමැති ස්ථානයක (වඩාත් සුදුසුම වන්නේ ඊසාන දෙස බලා) පහසුවෙන් වාඩිවී පළමුව දෑස් වසාගෙන දොහොත් මුදුන්දී පන්සිල් ගෙන තුරුණුවන් වැද සියලු පූජා දෑ ගාථා කියා බුදුන්ට පුජාකොට දෙවියන්ට පින් පමුණුවා අණතුරුව තුන් සුත්‍රය පිරිත හෝ ඔබ දන්නා පිරිත් සුත්‍රයක් කියා අවසන් වීමෙන් පසු සෙත් කවිය අතට ගෙන මෙම සෙත් කවිය ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේටත් ශ්‍රී කතරගම දිව්‍ය රාජයාණන්ටත් ඔප්පුභාර කරගෙන අපගේ බලාපොරොත්තුව ඉටුකර දේවා යනුවෙන් කියා සෙත් කවි කොලය අතට රැගෙන කලබල නොවී මිහිරි හඩින් තාලයට කියවන්න. අකුරු වචන වරද්දන්නේ නැතිව එක කවියක් වාර හතක් හෝ තුන් වරක් කියවා අවසානයේ දෙවියන්ට පිං පමුණුවා සෙත් ඉල්ලා සිටින්න.දේවාල ඇතුලේ සිට සෙත් කවි කියවීමට වඩා එළිමහනේ සිට කියවීම ඉතාම යහපත් ප්‍රථිපල ලැබීමට හේතු වන්නේය.
සෙත් කවිය කියවීමට ප්‍රථම දෙවියන්ට ස්ත්‍රෝත‍්‍ර කියවන්නම අවශ්‍ය වන්නේ නැත. දෙවියන්ගේ පිහිට පිං පමිනවීමෙන් ලැබේ. එහෙත් සෙත් කවියෙන් ප්‍රථිපල ලැබෙන්නේ කවිය ගොඩනගා ඇති සුභ ගණ හා අකුරු එක් වීමෙන් ඇතිවන ශක්තිය වාතලයට මුසුවී සෙත් කවිය අයිතිකරුගේ ශරීරයට විශ්ව ශක්තිය සමග ගොස් ශරීරය තුලට ඇතුළු වී සිත තුල ඇති දුර්වල ශක්තීන් ඈත්කර යහපත් තත්වයට පත්කර ලීමයි. එසේම තම පැතුමන් ඉටුවීමට අවශ්‍ය බලයද විශ්ව ශක්තීන් තුලින් ගොඩනගා පැතුමන් ඉටුකරලීම සිදුවන්නේය.
මෙහි සදහන් සියලු කරුණු පිලිබදව වගකීම මා දරන බවද නොබියව දන්වා සිටිමි.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

නොදන්නා අයගේ උපදෙස් නිසා ජීවිතය අවුල් කරගන්නේ ඇයි


ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී.ජි.කේමන් කුලසිරි
0777406178
ඔබ නිවසට යම්විට විවිධ අය පැමිණෙන්නේ මිත්‍රත්වයට හිතවත්කමට එසේත් නැත්නම් නෑදෑකම ඇති නිසාවෙනි.මෙසේ පැමිණෙන අය ඔබ සමඟ සතුටු සමිච්චියේ යෙදීම සාමාන්‍ය සිදුවීමකි.මෙසේ සිට ටික වෙලාවකින් ඔබ කතාව නතර කර නිවාස තුලට යන්නේ සංග්‍රහ කිරීමට අවශ්‍ය දේ පිළිවෙල කිරීම සඳහාය.පැමිණි අමුත්තා තනි වන්නේ එවිටය.ඔහු හෝ ඇය වැඩිවී සිටින අසුනින් නැගිට ගොස් නිවාස හා ගෙමිදුල ගැන නෙත් යොමා හොඳින් විපරම් කර බලන්නේ තනිව සිටින්නට අපහසු බැවිණි.ටික වෙලාවකින් සැකසු සංග්‍රහය රැගෙන ආලින්දයට පැමිණි ඔබ නැවත සුපුරුදු පරිදි කතාව අරඹයි.ඔය අතර තුර කතා කිරීමට කුමක්හෝ මුල් කරගත යුතු බැවින් අමුත්තා පෙරදී වටපිටාව විමසා ලබාගත් තොරතුරු ඇසුරු කරගෙන ඔබට යම් යම් උපදෙස් දීමට පටන් ගනු ඇත.
“ඔය බුදු පහන තියෙන දිසාව හොඳ නැහැ ,මේ දිසාවට පහන තැබුවම අසුබ ඵල ලැබෙනවා” “ජනේලය,දොර තියෙන්නට ඕනැ මේ දිසාවට නොවෙයි” “කුස්සියේ ලිප තිබෙන තැන වැරදියි” “නිදන කාමරය තියෙනට ඕනෑ මේ දිසාවට නිවෙයි” “මිදුලේ මේ වර්ගයේ ගස් සිටුවහන්න හොඳනැහැ” “කව්ද මේ විදියට මේවා කලේ” කියමින් කතාව කරගෙන යනු ඇත.ඔබද ඒවා අසා බිය වන්නේය, තතිගන්නේය නැති කරදර ඔලුවට දා ගන්නේය.එම තොරතුරු පැවසු පුද්ගලයා මේ විෂය පිළිබඳව ඉගෙනගෙන තිබේද යන්න ඔබ විමසා බලනේද නැත.යම් හෙයකින් “ඔබ මෙලෙස පවසන්නේ මේ විෂය පිළිබඳව ඉගෙනගෙනද”යි ඔබ විමසුවහොත් ඔහු පවසන්නේ ඔහුද කාගෙන් හෝ ඇසු දෙයක් බවයි.කව්රුන් හෝ කියූ දෙයක් බවයි.
නමුත් සාස්ත්‍රානුකුලව ඒ පිළිබඳව හැදෑරීමක් නොකළ පුද්ගලයකු පවසනා දෙයකින් ඔබ කලබල විය යුතු නැත.වසර 25ක් තුළ නිවාස වල වස්තු දෝෂ හා වින දෝෂ බැලීමට ගිය අවස්ථාවන්හිදී මා ලද අත්දැකීම් වලින් බිඳක් ඔබට ඉදිරිපත් කරමි.වාස්තු ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි පුර්ණ දැනුමකින් තොරව වස්තු දෝෂයන්ට උපදෙස් දීමට ගොස් වාස්තු විෂය පිළිබඳව කිසිවක් නොදත් අහිංසක මිනිසුන් රටටම ණයවී සාදාගත් නිවාසේ විවිද දොස් ඇති බව පවසා ඒවා නිවැරදි කිරීමට නම් නිවසේ යම් යම් කොටස් කඩා නැවත සැදිය යුතු බව පවසා එම නිවාස කඩා දමා තිබු අවස්ථා මා දැක ඇත.එසේම ළිඳ ගිනිකොණ දිසාවෙන් හදනට උපදෙස් දෙන අයද වැසිකිලි වල ඊසාන දෙසින් සැදීමට උපදෙස් දී තිබු අවස්ථා මා හට හමුවී ඇත.එසේම ගිනිකොණ ආහාර පිසින ලිප සාදා ඊට සමාන්තරව ඉහලින් වතුර ටැංකිය සවි කර තිබු අවස්ථාද මා දැක ඇත.එසේම නිවසේ හෝ ඉඩමේ ගිණි කතුරට අසුවන ආකාරයට ළිඳ ,වැසිකිළිය සාදන්නට යොමු කර තිබෙනු ම දැක ඇත.මෙසේ සාස්ත්‍රානුකුලව ඒ පිළිබඳව හැදෑරීමක් නොකළ පුද්ගලයකු ලබාදෙන වැරදි ලෙස උපදෙස් නිසා අවසානයේ අපහසුතාවයන්ට පත්වන්නේ අසරණ මිනිසුන්ය.
මේ මා ලද තවත් එක් අත්දැකීමකි.......
මාතර රුහුණු සරසවිය අසල පිහිටි මගේ දියණියගේ මිතුරියකගේ නිවසට මා දියණිය කැටුව ගියෙමි.ඇගේ පියා පෙදරේරුවෙකි.තට්ටු නිවසක් සැදීමේදී ඉහළ මාලයෙන් බිමට ඇදවැටීම නිසා කොඳුඇට වලට හානිවී ඔත්පලවී තිබුණි.වටපිට බලමින් සිටින අතරතුර මා හට දැකගන්නට හැකි වුයේ පැරණි නිවසටම අළලා ඊට වඩා අඩියක් පමණ උස්වන ආකාරයට නව නිවාස සාදා වහලය ගසා එහිම පදිංචි වී සිටිමින් නිවසේ ඉතිරි වැඩ කරගෙන යමින් තිබෙන ආකාරයි.නිවසේ ප්‍රධාන දොර කෙලින්ම නව නිවසේ දොර පිහිටා තිබු අතර නව නිවසට ඇතුළු වීමට පරණ නිවසේ දොර සමග පඩි දෙකක් යොදා තිබෙනු දැකගත හැකි විය.එසේම පරණ නිවසේ බිත්තියට ඉටි කොලයක් තබා අලුත් නිවසේ බිත්තිය ඊට අළලා සදා තිබුනේ එසේ සෑදීමෙන් දෝස දුරුවන බව එම ගෙය මැනුම් කිරීමට පැමිණි ජෝතිෂ්‍ය හා වස්තු විද්‍යාව දන්නවා යැයි කියාගන්නා එම ප්‍රදේශයේම ගුරුවරයෙකු විසින් පවසා තිබුණි.ඔහු ගැන විශ්වාසයෙන් ඔහු කි ලෙසට නිවස සැදීමට කටයුතු කල එම නිවසේ පුද්ගලයන් අසරණතත්වයට පත්වී තිබේ.නිවසද තවම වැඩ නිමවා නැත.නව නිවාස සැදීමට පටන්ගත් පසු මුලින්ම එම නිවසේ විසූ වැඩිමහල් පුද්ගලයා වූ මිත්තණිය වැටි අස්ථි බිඳී ප්‍රතිකාර ලබමින් සිටි ඒ අතරම පියාද වැටි ඔත්පලවී ප්‍රතිකාර ලබමින් සිටියි. එම නව නිවස අවිස්සාවේල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා නිලදාරී මහතකුගේ නිවසක් බව පසුව දැනගන්නට ලැබුණි.
මෙම තත්වය ඇතිවුනේ නිවැරදි දැනුමක් නොමැති පුද්ගලයකු ලබා දුන් වැරදි උපදෙස් නිසා ඇතිවූ නිවසේ වාස්තු දෝෂ නිසා බවත් එම දෝෂ සඳහා පිලියමක් නොකලොත් ඉදිරියටත් බලපානු ඇති බව මම ඔවුන්ට පහදා දුන්නෙමි.
ඔබ නිවසකට යා කර නව නිවසක් සාදන්නේ නම් ඉටිකොළ හෝ රෙජිෆොම් නිවාස දෙකෙහි බිත්ති අතරට තබා නිවාස දෙක වෙන් කරන්නට කිසිවකු විසින් උපදෙස් ලබා දෙන්නේ නම් ඔහු නිවැරදිව වස්තු විද්‍යාව දන්නා පුද්ගලයකු නොවන බව තේරුම් ගන්න.
නිවැරදි ක්‍රමය වන්නේ නිවාස දෙකක් අතර දුර හරක් පෙල්ලුවක ප්‍රමාණයක (අඩි 9ක් ) දුරක් තැබිමයි.පෙර දැක්වූ නිවසේ මෙන් ඉටිකොළ හෝ රෙජිෆොම් භාවිත කර නිවාස වෙන් කිරීමෙන් ඵලක් නොවේ.එය නැති විපත් ඇති කර ගැනීමකි.එසේ නිවසකට නිවසක් යාව සැදීමට ඔබට අත්‍යවශ්‍ය නම් නිවාස දෙකම එකම නිවසක් සේ සලකා නිවාස දෙකම එකවර මන්නවා ,පෙර නිවසේ පාද වලට හානි නොවන ලෙසත් එහි වූ දොර උළුවහු ප්‍රමාණයට සරිලන පරිදිත්,දැනට භාවිත කරනා ළිඳ වැසිකිළිය ගැනද අලුතින් නිවසට එක් කිරීමට බලපොරොත්තු වෙන ප්‍රධාන දොර කුස්සිය අතුළු කොටස් හා ගෙවත්තට ඇතුලුවෙන ගේට්ටුව පිහිටන ස්ථානය ආදීය පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
ඔබගේ නොදන්නාකම් ප්‍රයෝජනයට ගෙන වැරදි උපදෙස් ලබාදෙන පුද්ගලයන් බහුලය.ඔබගේ දැනුවත්භාවය එවැනි වංචනිකයන්ට හසු නොවී සිටීමට වැදගත් වනු ඇත.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

රත්තරන් දරු පැටියාගේ ජීවිතයට එළිය දිය හැකි නමක් තබන්න


ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී.ජි.කේමන් කුලසිරි
0777406178
ඔබ දේපල විසින් මෙලොවට ජනිත කරන දරුවා අනාගතයේ යහපත් කෙනෙකු වනවා දකින්නට අකමැති දෙමපියෙකු මෙලොව නැත.දරුවෙකු ඉපදුනාම ලස්සන නමක් තැබීමට කවුරුත් කැමති වන්නේ දරුවාට ඇති ආදරය සෙනෙහස නිසාමය.
තම දරුවා ඉපදුනවිට උපන් වෙලාව රැගෙන ජෝතිෂ්‍ය වේදියකු ලගට යන්නේ ඔහුගේ උගත්කම තරාතිරම නොසොයා නොබලාම වේ. එම තැනැත්තාගේ ජෝතිෂ්‍ය දැණුමේ හැටියට හදහන හදා දරුවා උපන් වේලාවට හිමිවන නැකතට අනුව පංචාංග ලිතේ සදහන් අකුරු ටිකක් ලියා නම තබාගන්නට සුභ අකුරු යයි කියා දෙන්නේය. මෙම අකුරු රැගෙන යන ඔබ පවුලේ සියලුදෙනා එක්වී නම් පලකර ඇති පොත් කීපයක්ද බලා නමේ තේරුමක් ඇතිව හෝ නැතිව කියා ගැනීමටවත් අපහසු නමක් දරු පැටියාට තබන්නේය.
එසේ කිරීමෙන් දරුවා මෙලොවට ජනිතවී ඇති වාසනාවන්ත ග්‍රහ බලයද විනාශයට පත් කරලමින් දරුවාට තැබූ මුල් නම නිසාම නිතර ලෙඩ රෝග ඇතිවීම,දුර්වල වීම,උනන්දුව නැතිවීම,ආයුෂ අඩුවීම,ධනය නැති දුගියෙකු වීම වැනි විපත් තමන් විසින්ම දරුවාට ඇතිකර දෙන්නේය.
එසේම දරුවාට එක නමක් නොව නම් දෙක තුනක් තබන අවස්ථාද ඇත්තේය. මෙයද අතිමහත් විනාශයකට දරුවා ඇද දැමීමකි. පළමු නම සේම දෙවන තුන්වන නම තැබීම අසුභ ගණයකට වැටුනහොත් එම නිසා අත්වන අනිටු ඵල වන්නේ විනාශය,නෑදෑයන් නැතිවීම,හානි වීම,ශෝක වීම,නිතර තරහයාම ,උන්මාදය, මතකය දුර්වලවීම, කියන කිසිවක් නොපිළිගැනීම,භාර්යා විනාශය, මරණය වැනි විපාක වේ.
මේ නිසාම ඔබේ දරුවාට නමක් තැබීමේදී නිවැරදි සුභ ගණ අනුව පළමු නම සේම දෙවන තුන්වන නමද තැබීමේදී සැලකිලිමත් වීම වැදගත් වේ.එලෙසම පළමු නමට සේම දරුවාට තබන අනෙකුත් නම් වලටද සුභ අකුරක්ම මුල්කර නම තැබීම වැදගත් වන්නේ සමාජයේදී දරුවාට තබා තිබෙන නම් වලින් කිනම් නම භාවිතාවට ගත්තත් ඉන් දරුවාට යහපතක් වන්න අවශ්‍යම බැවිනි.
දරුවා උපන් ග්‍රහ බලය දුබල වුවත් නිවැරදි සුභ ගණ වලට අනුව නමක් තබා ගතහොත් දරුවාගේ අනාගතය සාර්ථක කරලීමට එය මහත් රුකුලක් වන්නේය.
දෙමාපියන් හා නෑදෑයන් කරන තවත් වරදක් වන්නේ හොදින් සොයාබලා නමක් සුභ ගණ අනුව තැබුවාට පසු ආදරයට කෙටි නමක් වෙනම භාවිත කිරීමයි.එයද අසුභ වන්නට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි නිසා එසේ නොකරනවා නම් වැදගත් බවද සදහන් කරමි.
එසේම දරුවාට තබන නම දෙමාපියන්ගේ භාවිතාවන නම් වලට අයත් යෝනි වලට විරුද්ධ නොවන ලෙස නම තැබීම වැදගත් වන්නේ දෙමාපියන්ට කීකරුව දෙදෙනාටම ආදරයෙන් හා ගොරවයෙන් සිටීමට එම නමේ යෝනි ශක්තීන් බලපානු ඇති බැවිණි. මෙයට උදාහරණ ලෙස යමුනා යන මවටත් ජයන්ත යන පියාටත් දාව උපන් දියණියට සුපිපි යන නම තබා ඇතැයි සිතමු. ශබ්ධ විද්‍යාව තුල අක්ෂර වලට වටිනාකම් ඉලක්කම් භාවිතයෙන් දී ඇත. එම නිසා මවගේ පියාගේ දරුවාගේ නමට අයත් අක්ෂර හා මාත්‍රාක්ෂර වෙන් වශයෙන් ගෙන පහත සදහන් අයුරින් බැලිය යුතු වන්නේය. එම නිසා (යමුනා) ය-4 ම-3 උ-7 න-4 අ-6 වේ. එහි ඉලක්කම් සියල්ල එකතුව 30කි. යෝනි 8ක් සබඳ විද්‍යාවේ ඇති නිසා මුළු එකතුව 8න් බෙදු විට ඉතිරිය 06කි. හය වැනි යෝනිය ‘මීයා’වන්නේය.
පියා (ජයන්ත) ජ-7 අ-6 ය-4 න-4 ත-7 අ-6 වේ. එකතුව 40කි. අටෙන් බෙදුවිට ඉතිරියක් නැති බැවින් එය 08 වැනි යෝනිය ලෙස ‘මුව’ යෝනිය වන්නේය.
දරුවාගේ නම (සුපිපි) ස-3 උ-7 ප-4 ඉ-4 ප-4 ඉ-4 වේ. එහි ඉලක්කම් සියල්ල එකතුව 26කි අටෙන් බෙදුවිට ඉතිරිය 02 කි දෙවනි යෝනිය ‘බළලාට’ හිමි වන්නේය.
එම පරීක්‍ෂණ තුලින් මවගේ නමට හිමි යෝනිය මීයාට හිමි වීමත් දරුවාගේ නමට හිමි යෝනිය බළලාට හිමි වීමත් නිසා මව සහ දියණිය අතර සමගිය නැතිවී යන අතර දෙදෙනා නිතර නමේ බලපෑම නිසා ගැටුම් ඇතිකර ගන්නා බව පෙනීයන අතර පියාගේ නමේ යෝනිය මුවාට හිමි නිසා මවත් දරුවාත් දෙදෙනාම සමග සෙනෙහසින් සතුටින් සිටින්නට පියාට හැකිවන්නේය.
මෙවැනි අයුරින් ජීවත්වෙන පවුල් අපට ඕනෑතරම් හමුවී ඇති බව වැටහෙනු ඇත.
ඔබට මෙවැනි ගැටළු ඇත්නම් විමසන්න. අවශ්‍ය තොරතුරු ජෝතිෂයේ හා ශබ්ධ විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පෙන්වා දෙන්නට සුදානම් බවද සදහන් කරන්නෙමි.
ව්‍යාපාර සදහා නම් තබීමේදීද මෙවැනිම නිවැරදි ලෙසට නමක් තැබීමෙන් බලා සිටියදී දියුණුව ලැබෙන්නේ නිවැරදි සෙත් කවියකින් පල ලබන්නාසේම වුවද යම් හෙයකින් වැරදි අයුරින් නම තබා ඇත්නම් වස් කවියකින් සේ විනාසය ඇතිවන්නේය.
ශබ්ධ විද්‍යාව තුල මහා හාස්කම් ඕනෑතරම් ඇත. මේවා නිවැරදි ලෙසඉගෙන නොගත් පිරිස වැඩි නිසාත් ඒ සදහා සුදුසු පොත පත පරිහරණය නොකිරීම හේතුවෙන් මෙලෙස විනාශයන් ඇතිවන්නේය.
වීදාගම මහ නාහිමියන්ගේ කාව්‍ය ලකුණු මිණි මාලා හා එඑසදැස් ලකුණු සෙත් කවි සිහුම චක්‍ර වැනි පොත පත සේම පැරණි පොත්පත් සොයාගෙන ඒවා පරිහරණය කරමින් නිවැරදිව ජනතාවට සේවයක් කරන්නට අඩු දැණුමක් ඇතිව කටයුතු කරන අයටද මෙසේ උපදෙස් දෙමින් ලිපිය නිමා කරමි.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

ගෙයක් සැදීමට පෙර දැනගතයුතු ඉතා වැදගත් කරුණු




ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී.ජි.කේමන් කුලසිරි
0777406178

මෙලොව උපදින සියලුම සත්වයන්ට නිදහසේ ජිවත් වන්නට අවශ්‍යබව අප කව්රුත් දන්නා කරුණකි.නමුත් නිවසක් යනු මිනිසාගේ මුලික අවශ්‍යතාවයන්ගෙන් එකකි.මේ නිසාම අප කාගේත් බලාපොරොත්තුව නම් ලස්සන නිවසක් සාදා ගැනීමයි.
මේ නිසා අප මුලින්ම කලයුතු වන්නේ වස්තු විද්‍යානුකුලව නිවැරදිව ගෙයක් සාදා ගැනීමට අවශ්‍යයබව සිත තුලට ධනාත්මකව සිතුවිලි ඇතුලත් කර ගැනීමයි.ම ස්ථිරවම ගෙයක් හද ගන්නවාමයි කියා නිතරම සිහියට නඟා ගැනීම තුළින් ඔබේ බලාපොරොත්තුව ජය ගත හැකි වන්නේය.
1 .නිවාස සැලසුම අන්දවා ගැනීම
ඒ සඳහා නිදහස් වටපිටාවක් සහිත සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය.අනාගතයේදී මෙම තෝරාගත් ස්ථානයේ තම මුලික අවශ්‍යතා සපුරා ගැනුමට හැකි තත්වයන් පවතීවිද ? දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මෙහි යහපත් පරිසරයක් පවතීවිද? යන තොරතුරු මුලින්ම බලා සෑහීමකට පත්වන්නේ නම් ඉන්පසු තමන්ගේ ආර්ථික තත්වය ගැන සිතා තමන්ගේ ආර්ථිකයේ ප්‍රමාණයට ඉඩමේ තත්වයට හා ප්‍රදේශයට ගැලපෙන අයුරින් වස්තු විද්‍යානුකුලව නිවැරදිව හා තාම උපන් වෙලාවට අනුව උදාවූ හඳහනට ගැලපුම් ඇති අය වැය නිවැරදිව පවත්වාගෙන ය හැකි නිවැරදි දිසාවන්ට අනුව ප්‍රධාන දොර,කුස්සිය,ලිප,නිදන කාමරය,වතුර ටැංකිය,ළිඳ,දරුවන්ගේ පාඩම් කරන කාමරය,වත්තට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව යන ස්ථානයන් නිවැරදිව ස්ථාන ගතවන අයුරින් මර්මස්ථාන 81 ට අසු නොවන පරිදි වස්තු පුරුෂයාගේ මර්මස්ථාන වලට ගැටෙනේ නැති වන ලෙස සුබ පාද වලට හසුවන පරිදි බ්‍රහ්ම පාදය හොඳින් බේරා නිවසේ ගිණි කතුර සහ ඉඩමේ ගිණි කතුරට හසු නොවන පරිදි වස්තු දෝෂ ගැන හොඳින් දන්නා කෙනෙකු ලවා නිවාස සැලසුමක් අන්දවා ගත යුතු වන්නේය.
2 .සුබ මුහුර්තයක් සකසා ගැනීම
ගෙය සාදා ගැනීමට නිවැරදි සුබ නැකතක් සාදා ගැනීම ඉතාම අවශ්‍යම වන්නේය.මෙම සුබ නැකත සාදවා ගන්නට ඉතා හොඳින් ජ්‍යෝතිෂ්‍ය දැන උගත් කෙනෙකු තෝරා ගත යුතුම වන්නේ යම් හෙයකින් මෙය වැරදි නැකතක් වුවහොත් ඔබේ සිහින කැදැල්ලේ විනාශය එයින්ම සිදුවී ඔබේ ජිවිතයද අහිමි වන්නට සිදුවනු ඇති නිසාවෙනි.ඔබ උපන් නැකතේ සිට ගෙය සැදීමට දී ඇත්තේ 19 වෙනි නැකත හෝ පසළොස්වක පෝය දිනට පසු දිනට නම් ගෙහිමියාට මරණය හෝ ඒ තරමටම බරපතල විපතක්ම වන්නේය.’ගෙයි මුල නැකත ගෙයි හිමියා නසින්නේ’ යනුවෙන් ජෝතිෂයේ එය පෙන්වාදී තිබේ.සමහර නොදන්නා අය සේම මෝඩ පණ්ඩිතයන් කියන්නේ ගෙදර ප්‍රධානියාගේ නැකතට ගෙවල් හදන්න හොඳ නැති බවත් එම නිසා පවුලේ සියළු දෙනාට සුබ නැකතක් ගෙය හදන්නට තෝරාගත යුතු බවයි.එය කිසිසේත්ම කිරීමට හැකි දෙයක් නොවේ.නිවැසියන් සියලුදෙනා විවිද නැකත් හිමිව ඉපිද ඇති බැවින් ඒ සියළු දෙනාට සුදුසු සුපිරිසිදු සුබ මුහුර්තයක් තෝරා ගැනීම කෙසේවත් කල නොහැක.නිවසක මුදුන් මුල වන් ප්‍රධානියාට හිමි නැකතට අනුව සුබ මුහුර්තයක් සකසා නිවසට මුල්ගල තබා නිවාස සාදා ගත්විට ගසේ මුදුන් මුල ගසම රකිමින් ඵල දරනවා සේම සියළු කටයුතු සාර්ථක වන්නේය.
එසේම රුපියල් ලක්ෂ 30ක් 40ක් නැත්නම් ඊටත් වඩා විශාල මුදලක් වැයකර නිවාස සැදීමට සිතා සිටින ඔබ එම නිවසේ මුල්ගල තැබීමට නැකත සාදා දෙන ජෝතිෂ්‍යවේදියාට සුළු මුදලක් ලබා දී තම කාර්ය ඉටු කරගැනීමට උත්සහ දැරීම අයහපත් ක්‍රියාවකි.යම් හෙයකින් නැකත වැරදුනොත් ඔබට ලක්ෂ ගණනින් පාඩු සිදුවනවා පමණක් නොව ජිවිත හානි පවා සිදුවී දුක් සෝ සුසුම් හෙලන්නට සිදුවන බව තරයේ මතක තබා ගන්න.එබැවින් නැකත සැදීමට නිවැරදිව ජෝතිෂ්‍ය උගත් දක්ෂ ජෝතිෂවෙදිකු තෝරා ගැනීමට වගබලා ගන්න.
සුබ මුහුර්තයක් සකසා ගත්තට පසුව එම නැකත නිවැරදිව ඉටු කරගැනීම ඉතාම වැදගත් වන්නේය.නිවස ගොඩනැගීමට සිතා සිටින ස්ථානය පාද බෙදීමට හැකි අයුරින් ගෙපල සකසා ගැනීමද සුබ මුහුර්තයකට කල යුතු වන බවද ගෙය සකස් කර ගැනීමට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පාද බෙදීමට අවහිර නොවන ආකාරයට ගෙනැවිත් දැමීමට මතක තබා ගත යුතුය.
3.නිවස සද ගැනීමට තිසරණ සරණ හා දෙවි පිහිට ලබා ගැනීම.
නිවසේ කටයුතු ආරම්භ කිරීමට පෙර දිනයේදී ගෙදර සියලුම දෙනා මල් පහන් පැන් ගිලින්පස කිරිපිඬු දැහැත් බෝධිය නවන්නට පැන්,කහ වතුරෙන් සෝදාගත් පඬුරු හා සුදු රෙදි පටියක් රැගෙන ගොස් බුදුන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කර බෝධින් වහන්සේ නාවා අනතුරුව පඬුරු කාසිය සුදු රෙදි පටියේ ගැටගසමින් ‘නිවාස කිසිඳු කරදරයකින් තොරව සාදා නිමකර ගැනීමෙන් පසු සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවකද මස් මාංස වලින් තෝරා සාංඝික දානයක් දී දෙවියන්ට පිං පමුණවන බවට භාරයක් වන්න.එම පඬුර තමන්ගේ නිවසේ බුදුන් වඳින ස්ථානයේ තබා නව නිවසේ වැඩ නිමවූ පසු භාරය නිවැරදිව ඔප්පු කිරීමට මතක තබා ගන්න.
4 . නිවාස සාදන භූමියට අරක්ගෙන සිටින අෂ්ඨ බහිරවයන්ට පූජා තැබීම
ගෙය සාදන්නට පෙර දිනයක මෙම අෂ්ඨ බහිරව පූජාව තබා භූමියට අරක්ගෙන සිටින බහිරවයන්ගෙන් අවසර ගැනීම ඉතාම වැදගත් වේ.එසේ වුවද මෙම පූජාව සාස්ත්‍රනුකුලව නිවැරදිව ඉටු කරන පුද්ගලයන් සොයා ගැනීම ඉතාම අපහසු වන්නේය. දේව ආරුඪ ඇති බව කියාගනිමින් සිටින ඇතැම් පිරිස් අහිංසක මිනිසුන් නොමග යවමින් බාහිර පූජා තබනවායි කියා කුමක්හෝ බොරු රඟපෑමක් කර නිවසේ අඩිතාලම යට කරනයි කියා කිසිත් නොලියන ලද හිස් තඹ කොළ හතරක් කුඩා කුප්පිවල දමා දී මුදල් උපයා ගත් සිදුවීම් කොතෙකුත් සිදුවී ඇත.බහිරව පූජාව තැබීමට නොහැවුවද ගැටළු ඇති වන්නේ නැතත් ඒ පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව විමසුවහොත් පූජාව සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමි
5.පාද බෙදීම හෙවත් බිම් මහලේ සැකැස්මට අනුව ලණු ගැසීම
පාද බෙදීමේදී නිවාස සැලසුම අදිනලද තැනැත්තා සහභාගී කරගන්නට හැකි නම් ඉතාම වැදගත් වන්නේ ඔහුට සැලැස්ම පිළිබඳව මනා අවබෝධයක් ඇති නිසාවෙන්ය.මෙහිදී මුලින්ම සුභ මුහුර්තයට බෙලි ගකකින් කපාගත් කුඥ්ඥයක් හෝ කිරි ගසකින් කපාගන්නලද කුඥ්ඥයක් සිටවීම යහපත් වන්නේය.එම කුඥ්ඥය නිවැරදි දිසාව බලා සුභ මුහුර්තයට නිවසේ ප්‍රධානියා විසින් සිටුවන විට සියළු දෙනාම නිශ්ශබ්ධව සිටීම ඉතාම වැදගත්ය.ඉන් පසුව සවිමත් නුලක් හෝ ලණුවක් කුඥ්ඥයේ ගැටගසා උතුරු දිසාවට ඇදගෙන ගොස් වෙනත් අයකුට පොළවට සමාන්තරව එම ලණුව අල්ලාගෙන ඉන්නයි පවසා බෙලි ගෙඩියකින් හෝ රන් මුදුවකින් ලණුව දිගේ පොළවේ ඉරක් ඇඳගෙන ගොස්,බෙලි ගෙඩියක් නම් ලණු ගසන ලද නිවසේ සැලස්ම තුළ එය වලලන්න, රන් මුදුව කිරි බදුනකට දමා සෝදා නැවත පැළඳිය හැකිය.මුලින් සිටවන ලද කුඥ්ඥය නිවාස සාදා අවසන් වන තුරු නොගලවා තැබීම යහපත් වන්නේය.
6 ප්‍රථම පස් පිඩැල්ල කැපීම.
මේ සදහා සකසාදී ඇති සුභ මුහුර්තයට අනුව නිවාස සැලසුමේ භුමි නාගයාගේ අසුභ ස්ථාන හැර සකස්කරදී ඇති ස්ථානයේ මිට ශක්තිමත් උදැල්ලකින් නිවසේ ප්‍රධානියා විසින් ප්‍රථම පස් පිඩැල්ල කපා නිවාස සැලසුම ඇතුලට දැමිය යුතුය. මෙහිදී සියලුදෙනා නිහඩව සිටීම ඉතාම වැදගත් වන්නේය. එම වේලාවට අවටින් ඇසුන ශබ්ධ අනුව ගෙයි ඉදිරි ඵල ගැනද වාස්තු විද්‍යාවේ පෙන්වාදී ඇති අතරම ප්‍රථම පස් පිඩැල්ල කැපීමේදී එම පස් වලට අසුවන දේ තුලින්ද පලාපල දැනගත හැකිවන්නේය. එම තොරතුරු පසුව ලිපියකින් දැනුවත් කරන්නෙමි. ඔබට ඒ පිලිබදව දැනගැනීමට කැමතිනම් මට අමතන්න.
7 මුල්ගල තැබීම හෙවත් මංගල ශිලා ස්ථාපනය.
නිවාසයක් සාදා ගැනීමේදී ඉතාම වැදගත්ම නැකත් කටයුත්ත මෙය වන්නේය. මෙය වරද්දා ගතහොත් සියල්ලම වරදින්නේ තම ජීවිතයටද බලපෑම් ඇති කරවමිනි. මේ නිසා නිවැරදිම සුභ මුහුර්තයට නිවැරදිම ස්ථානයේ එනම් ගිනිකොණ මුල්ලේ මෙම මුල් ගල තැබීම නිවසේ ප්‍රධානියා විසින්ම ඉටු කිරීම වැදගත් වේ. කීපදෙනෙකු ලවා මුලු හතර එකම වේලාවට මුල් ගල් තැබීම ඉතාමත් අසුභපල අත්කර දෙන්නේ හතර දෙනාම එකම මොහොතක මුල් ගල් තැබුවාට සුලුවෙන් හෝ වෙනස් වනු ඇති බැවිනි. මුල්ගල කියන්නේ එක ගලකටය නැතිව ගල් හතරක් නොවනු ඇත. සමහර අය මුදල් ලැබෙන නිසා කීපදෙනෙකුට කියා මුල්ගල් තැබීම කරයි. නමුත් එය අසුභ ක්‍රියාවකි. පළමුවෙන් නිවස හදන භුමියේ හතර දිසාවෙන් එක පහන් පැලට ලී හතරකින් හරි හතරැස් වන අයුරින් පහන්පැල් හතරක් ගොක් අතු වලින් සකසා එතුල පහනක් මල් ධාන්‍ය වර්ග සුවද හදුන්කූරු ආදිය තබා පහන් දල්වා පහන්පැල් වටේටම තුන් නූල් ඇද පිරිත් සජ්ජායනා මධ්‍යයේ නැකතට මුල්ගල තබන්න. මේ අවස්ථාවේ අනෙකුත් පිරිස නිහඩව සිටීම වැදගත් වේ. ඉන්පසු ගෙපැලේ අනෙකුත් කොන්වලද ගල් තබනවානම් දකුණු ඇත නිවස ඇතුලතට සිටිනසේ ඇවිද යමින් එකින් එක තබන්න.අනතුරුව පිරිත් පැන් මුල් ගලට සේම නිවාස සැලසුම තුල ඉසින්න.
8 කිරි ඉතිරවීම.
මුල්ගල් තැබීමෙන් පසුව කිරි ඉතිරවීම කරන්න. එයටද සුභ වේලාවක් ඇත. තමන් කැමති කිරි වර්ගයක් මේ සදහා ගන්න යහපත් වන්නේ එළකිරි ගැනීමයි. කිරි උතුරවා එම කිරි පවුලේ සියලු දෙනා පානය කරන්න. අපතේ යවන්න එපා. කිරි උතුරවද්දීද පිරිත් කියනවනම් ඉතාම සුභ වන්නේය.
9 නිවාසය සාදන බිම ඉදුල් කිරීම හෙවත් නිවස අලෙ කර ගණුදෙණු කිරීම.
නිවාසයේ සැලසුම මැද උසකින් කිරිබත් සහිත සියලු ආහාර දෑ තබා පළමුව ගෙදර ප්‍රධානියා ආහාර අනුභව කර අනතුරුව බිරිඳ දරුවන් නෑදෑයන් හිතවතුන්ට ආහාර ලබාදී ප්‍රධානියා විසින් ගෙහිමි බිරිඳට මුදල් දී ගණුදෙණු කරන්න.මෙසේ කරන්නේ මෙම ගෙය හදන මේසන්වරුන් මෙම නිවාසය හදද්දී එතුල සිට ආහාර ගන්නා නිසා මුලින්ම නිවාස හිමියන් විසින්ම ප්‍රථමයෙන්ම ආහාර අනුභව කර ගණුදෙණු කිරීම කලයුතු බැවිනි.
ඉන්පසුව වේල් තුනක් පමණ හතර දිසාවේ ඇති පහන්පැල්වල පහන් දල්වන්න. පෙදරේරුවන් වැඩ කරගෙන යද්දී නිවසේ සැලැස්මේ යම් වෙනස්කම් ඔවුන් විසින් කරන්නට උත්සාහ ගත්තද එසේ කිරීමට ඉඩ නොදීමට වගබලා ගන්න.
නිතරම නිවැරදි පිළිගැනීමක් ඇති වගකීම් සහිත අමුද්‍රව්‍යම භාවිතා කරන්න. පැරණි ගෙයකින් කඩා ඉවත් කරනලද අමුද්‍රව්‍ය නව නිවාස සැදීමට භාවිතා කිරීමෙන් දොස් සහිත වන්නේය.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

දරුපල ප්‍රමාදය වළක්වන ඖෂධයක්, බෝධි පූජාවක් සහ මන්ත්‍ර දෙකක්


ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178
විවාහයෙන් පසුව සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ දරු සිඟිත්තෙක් පවුලට එකතු කරගෙන සතුටෙන් ජීවත් වීමටයි.එය එසේ වුවත් දරුවන් නැතිව දුකින් ලතැවෙන විවාහක පිරිස කොතරම් අප රටේ සිටිනවාද? වඩාත් තැළෙන්නෙ පොඩිවෙන්නෙ සමච්චලයට ලක්වෙන්නෙ, නැන්දම්මාගෙන් නොයෙක් විදියේ රැවුම් ගැරහුම්වලට ලක්වන්නෙ, යමෙක් ගමනක් බිමනක් යන විට මුණගැසෙන්න මූසලයි කියා සිතන්නෙ ස්ත්‍රියක් වන ඔබම නේද? පිරිමියාට ඒ තරම්ම ගැටලුවක් සමාජයෙන් එල්ල නොවෙතත් පිරිමියාටද සිතින් වේදනා විඳින්න සිදුවීම වළක්වන්න කාට පුළුවන්ද? මේ දරුපල නැතිකම නිසා පවුල් කීයක් විනාශ වී ඇත්ද?
එයට සහනයක් ලබාදීමේ සුපිරිසුදු අරමුණින් සැමියාගෙන් නැන්දම්මාගෙන් නෑදෑයන්ගෙන් මිත්‍රයන්ගෙන් අසල්වැසියන්ගෙන් දරුවන් නොමැති නිසාම ගැරහුම් ලබන කාන්තාවන්ට පිහිටක් වේවා!!. yයන සිතුවිල්ල පෙරදැරිව මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමි
පුවපල් නැකැත පවතින දිනයක උදේ 06ත්, 07ත් අතර කතා නොකර ගොස් හොඳින් පල හැදෙන අඹ ගසක නැඟෙනහිරත් උතුරත් අතර ඇති අඹ මුල් ගලවාගෙන හොඳින් පිරිසුදුකර වියළා කුඩු කර රැගෙන මේස හැන්දක් ප්‍රමාණයක් ගෙන වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට දමා සූකිරිද මේස හැන්දක් සමඟින් හොඳින් කලවම් කර උදේම හිස්බඩ බොන්න.දරුවන් ස්ථිරවම ලබන්නේය. මාසික ඔසප් දිනයෙන් දින 3කට පසු සිට පානය කරන්න සරු දින 14 තුළ අටවක රිට්ටා අමාවක අඟහරුවාදා පසළොස්වක දිනවල දහවල් 12ට සවස 6ට උදේ 6ට සහ රාත්‍රි 12ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසුදුව තබා ගනිමින් කායිකව එක්වීම යහපත් දරුවන් ලැබීමට හේතු වන්නේ .
මෙම ඉහත සඳහන් අයුරින් කායිකව එක් වන්නට පෙර දින 3ක් බෝධි පූජා තැබීමට පිරිසුදුව නොඉඳුල්ව එළකිරිවලින් සාදන ලද කිරිබත් කෑලි 09ක් කැමැති අයුරින් මල් පැන් ගිලන්පස දැහැත් හඳුන්කූරු රැගෙන ගොස් බෝධිය වටේ ඇමද පිරිසුදු කර උදේ 3ත්, 4ත් තැබූ පූජා සියල්ල බුදු පියාණන්ට තමා දන්නා අයුරින් ගාථා කියා පූජා කර හැකිනම් ධජග්ග පිරිතද කියා සියලු දෙවියන්ට පින් පමුණුවා මෙසේ ඇයැද සිටින්න.
‘මෙම බෝධි වෘක්‍ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් පැමිණ සිටින යම් දේවතාවියක් හෝ දේවතාවෙක් සිටින්නේ නම් මම එම දේවතාවියට හෝ දේවතාවාට ඉතාම සතුටින් මවක් වන්නට කැමැති බැවින් මාගේ කුසේ පිළිසඳ ගන්නා මෙන් පින් දීමෙන් යුතුව ආරාධනා කරන්නෙමි ’ යනුවෙන් ශබ්ද නඟා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක් කියන්න.මෙසේ දින 3ක් කරන්න. එසේම දෙදෙනාම පුජාවට යනවා නම් ඉතා යහපත් ඵල අත් වන්නේය
එලෙසම දෙදෙනා කායිකව එක්වන්නට පෙර බෝධිය ළඟදී කළ ආරාධනාව නැවත සිහි ගන්වමින් පෙර සඳහන් කළ වේලාවන් තුළ කායිකව එක්වන්න.
නිතරම මට දරුවකු ලැබෙනවාමයි කියා ධනාත්මකව සිතන්න.දරුවකුගේ රූපය සිත තුළ මව ගන්න .ලැබෙන දරුවට තබන්නට ලස්සන නමක් සිතේ ලියා තබා ගන්න .දරුවට අන්දවන ඇදුම් පැළඳුම් නිර්මාණ සිතින් මවා ගන්න .දිගින් දිගටම එසේ කරද්දී ඔබගේ අහිංසක පැතුම තිසරණ සරණින් සැම දෙවි පිහිටෙන් ඉටු වන්නේය .ඍග් වේදයේ මන්ත්‍ර දෙකක් පහත සඳහන් කර ඇති අතර එය බිරිය සහ සැමියා විසින් ඉතාමත් භක්තියෙන් හා පිරිසුදු සිතින් යුතුව කියැවීමෙන් නිසැකවම ඉතා සුපින්වත් දරුවන් ලබන්නේය.
සැමියා විසින් කියවිය යුතු මන්ත්‍රය
ඕම් පරං බ්‍රහ්ම පරමාත් මනේ (..............)
ගර්භේ දීර්ඝ ජීවී සුතං
කුරු කුරු ස්වාහා
(හිස් තැනට බිරියගේ නම කියන්න(
දිනකට 108 වරක් වරහන් තුළට බිරියගේ නම කියා මන්ත්‍රය කියන්න .රහමෙර හා ගව,සූකර මාංස වලින් වැලකි දිනපතා රාත්‍රී කියවන්න
බිරිය විසින් කියවිය යුතු මන්ත්‍රය
මනො මහාන්ත මෘත මානො
අර් භකං මාන උක්ෂන්ත මෘත මානා උක්ෂිතං
මනෝවධි පිතරං මොත මාතරං ප්‍රීයාමා නස්තනුවෝ රුද්‍ර රිරීෂ
දිනකට 16 වරක් ගව සූකර මාංසවලින් වැළකී දිනපතා රාත්‍රි කියවන්න.
ඉහත සඳහන් දෑ කරන කාලය තුළම ඉතා හොඳින් සුබ ගණ පිහිටුවා ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට ඔබ දෙදෙනාගේ උපන් ලග්නයට හා නැකැතට අනුව නිවැරැදි ගණ පිහිටුවා සෙත් කවි දෙකක් කියැවීමද කළහොත් තවත් ඉක්මනින් දරුපල ලබන්න වාසනාව හිමිවන්නේ ඔබත් පුදුම කරමිනි
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

පොරොන්දම් පරීක්‍ෂාවේදී සැලකිලිමත් විය යුතු කරුණු




ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178

“පොරොන්දම්” යන්න අපට ඉතා හුරු පුරුදු වදනකි. එහෙත් මෙම වදන ශ්‍රී ලාංකික ජේ‍යාතිෂවේදීන්ගේ ශබ්ද කෝෂයට කවදා කෙසේ ඇතුළු වූවක්දැයි කියා කිසිවකු විසින් මෙතෙක් හෙළිදරව් කළ වගක් දක්නට නොමැත. ලංකාවේ ඉපැරණිම නක්ෂත්‍රාචාර්යවරයකු වශයෙන් සැලකෙන ‍දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිදුන් ඇතුළු එතුමන්ගේ පරම්පරාව විසින් ක්‍රි.ව. 1855 සිට මේ දක්වා ප්‍රසිද්ධ කරනු ලබන ඈපා පංචාංග ලිත් පෙළෙහි 1950 දක්වා වූ පංචාංග ලිත්වල පොරොන්දම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර 1951 ඈපා පංචාංග ලිතෙහි පටන් “විවාහ පරීක්‍ෂාව” නමින් පරිච්ඡේදයක් ඇතුළත් කර ඇත.
මේ අතර 1936 පළවූ ‘කල්පද්‍රැම’ පංචාංග ලිතෙහි “විවාහ පොරොන්දම් බලන ක්‍රමය” නමින් පරිච්ඡේදයක් වන අතර, 1900 දී පමණ ආරම්භ කරන ලද සිංහල පංචාංගය නම් වූ ග්‍රන්ථයේ “විවාහ පරීක්‍ෂාව හෙවත් පොරොන්දම් බලන ක්‍රමය” යනුවෙන් පරිච්ඡේදයක් වේ. මේ අනුව “පොරොන්දම්” යන වදන මෙයට වයසර 100කට පමණ පෙර සිංහලයට එක්වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. (මෙම තොරතුරු සදොස් වේ නම් සුධීහු කමා කර නිදොස් කරත්වා) “පොරොන්දම්” යන්න “පොරුතම්” යන දමිළ වදනෙන් බිඳී හෙළයට නැඟුණු වදනකි. පොරුතම් යන දමිළ වදනෙහි අරුත වන්නේ “ගැළපීම” යන්නයි. මේ අනුව අද අප වහරන “පොරොන්දම් ගැළපීම” යන්න අරුත් සුන් යෙදුමක් වේ. ඉහතකී පැරැණි පංචාංගයන්හි සඳහන් “විවාහ පරීක්‍ෂාව” හෝ “පොරොන්දම් බලන ක්‍රමය” යන වදන් වඩාත් නිවැරැදි වේ. පොරුතම් බැලීම අද ද දකුණු ඉන්දියාවේ පවතී. එහෙත් එහි ඇත්තේ අංග 10ක් පමණි. එය දසවිධ පොරුතම් වේ. උතුරු ඉන්දියාවේ මෙය “ගුණමිලාන්” හෙවත් අෂ්ටකූට ගැළපීම නමින් කරුණු අටක් සම්බන්ධයෙන් විමසීමක් කෙරේ. වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිතාවන්නේ විසි (20) පොරොන්දම් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැළපේ නම් එම දෙදෙනා අතර විවාහයක් සිදුවීම යහපත් යැයි තීරණය කෙරේ. “විවාහය සඳහා දෙදෙනෙක් නක්ෂත්‍රානුකූලව ගැළපීම පහසු දෙයක් නොවේ. එය ජෝතිෂයේ ඉතා වැදගත් අංගයකි. ඇසට ඇසක් ගැටීමෙන් අඩිතාලම වැටෙන විවාහය තුළ සතුට පමණක් නොව දිගුකල් පැවැත්මක්ද තිබිය යුතුය. එනිසා ගැළපීම නැතිවම බැරි දෙයකි. මෙය ඉතා පරිස්සමින් අධ්‍යයනය කළ යුතු කරුණු කාරණා ගණනාවකින් යුතු දිගු ක්‍රියා දාමයකි.” ආචාර්ය බී.වී. රාමන් මැතිඳුන්ගේ දියණිය වන ගයත්‍රි දේවී වාසුදේව් සිය ග්‍රන්ථයේ එසේ සඳහන් කරයි. එසේ වුවද අද අප ජනසමාජයේ පොරොන්දම් බැලීම ඉතා සරල කාරියකි. අද හැම පරිගණකයකම විවාහ ගැළපීමේ සරල ක්‍රමලේඛයක් ඇත. අධ්‍යනය කළ යුතු මූලික අවශ්‍යතාවන් ගැන කිසිදු අවබෝධයක් නොමැති විවාහාපේක්‍ෂිතයෝ එමගින් තමතමන්ගේ විවාහ ගැළපීම් කරගනිති. කවුරුන් කෙසේ ගැළපුවද, කරුණු විස්සම ගැළපී විවාහ දිවියට පත් බොහෝ දෙන නොබෝ කලකින් දික්කසාදවීම, විවාහයෙන් ටික කලකට පසු දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාධයන්ට ගොදුරුවීම. දරු සම්පත් අහිමිවීම, තත්ත්වයන් පහළ වැටීම, ධන ධාන්‍ය විනාශයට පත්වීම ආදී කනගාටුදායක සිද්ධීන් බහුලව සිදුවන බව අප විසින් කරන ලද සමීක්‍ෂණයන්ගෙන් අනාවරණය වී ඇත. එවැනි අසාර්ථක විවාහයන්ට ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික විසි පොරොන්දම් ක්‍රමයේදී අදාළ දෙදෙනාගේ පූර්ව කර්මයන් මනාව හෙළි නොවීමයි. නැතහොත් විවාහය වැනි තිරසර බන්ධනයක අඩිතාලමට අවශ්‍ය මූලික ගුණාංගයන් හඳුනා නොගැනීමයි. මීට අමතරව විසි පොරොන්දම් ක්‍රමයේදී ලැබෙන පිළිතුරු සුබ හා අසුබ වශයෙන් සඳහන් වූ පත්‍රිකාවකින් ජ්‍යෝතිෂය ගැන කිසිවක් නොදන්නා අය තේරුම් ගන්නේ හෝ අවබෝධ කරගන්නේ මොනවාද? විවාහාපේක්‍ෂිත දෙපළගේ ආධ්‍යාත්මයන්හි ගුණාගුණ හෝ විශේෂිත පෞද්ගලික ගුණාංග හෝ පිළිබඳ පාර්ශ්වකරුවන්ට අවබෝධයක් ලැබෙනවාද? නැත. එහෙත් වැඩි ගණනක් ගැළපීම් සුබ යැයි සඳහන් වේ නම් එම යෝජනාව ස්ථිර කිරීමට පෙලඹෙති. ඊට අමතරව කුජ දෝෂය, ශනි ඒරාෂ්ටකය හෝ රාහු වැනි පාපයන්ගේ ගැළපුම විශේෂ කොට සලකති. මෙය විසෙන් විස නැසීමේ න්‍යාය යැයි සඳහන් වුවද, ගිනි ගත් තැනකට වහා ගිනි ඇවිළෙන සුළු පෙට්‍රල් වත්කිරීම කොතරම් ප්‍රඥාගෝචර ද යන්න විමසා බැලීම වටී. වඩාත් විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක් මත විවාහ සහකරු ගැළපේද යන්න විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම දෙය නිවැරැදි ජන්ම කේන්ද්‍රයයි. රූපය, කුලය, ධනය, බලය, රැකියාව, දේපළ යානවාහන ආදිය පිළිබඳ සොයා බැලීමට පෙර සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති එකම මාර්ගය උපදින මොහොතේ නවග්‍රහයන් පෙළ ගැසී සිටි ආකාරය දැක්වෙන ජන්ම සිතියම හෙවත් ජන්ම කේන්ද්‍රය විමසීම වේ. එහෙත් කිසිවකු විසින් සපයන උපන් වේලාව අනුව නිවැරැදි ජන්ම කේන්ද්‍රයක් සැකසීම ද පහසු කාර්යයක් නොවේ. රෝහල්, මාතෘ නිවාස හා වින්නඹු මාතාවන් වෙතින් ලැබෙන උපන් වේලාවන් බොහොමයක් නිවැරැදි ඒවා නොවන බව අප විසින් අත්දැක ඇත. උපදින දරුවාගේත්, මවගේත් ජීවිතවල සුරක්‍ෂිතභාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා උපන් වේලාව පිළිබඳ ඔවුන් වෙතින් විශේෂ අවධානයක් යොමු නොවීම ඊට හේතුවයි. මේ නිසා සපයන උපන් වේලාව නිවැරැදිදැයි පරීක්‍ෂා කිරීම හා වැරැදි නම් නිවැරැදි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. එහෙත් අභාග්‍යයකට මෙන් මෙවැනි කර්තව්‍යයක් අප රට ජෝතිෂ ක්‍ෂේත්‍රයේ දක්නට නොලැබේ.
මෑතකදී මාවෙත ලැබුණු දරුවකුගේ කේන්ද්‍රයක උපත සිදුවී ඇත්තේ ඉතාලියේ රෝහලකය. ඒ හේතුව නිසාම එම කේන්ද්‍රයේ නිරවද්‍යතාව තීරණය කිරීම පිණිස දරුවා උපන් රෝහලේ පිහිටීම පිළිබඳ මවුපියන්ගෙන් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානීය පිහිටීම් සහ වේලා කලාපය සැලකිල්ලට ගෙන මවිසින් සකස් කළ කේන්ද්‍රය, මා වෙත ඉදිරිපත් කළ කේන්ද්‍රයට වඩා බෙහෙවින් වෙනස් විය. මේ පිළිබඳ මවුපියන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ලාංකික දෛවඥ මහතකු විසින් ඉතාලියේ උපන් වේලාව ලංකා වේලාවට හරවා එම කේන්ද්‍රය සැකසූ බවයි. ඒ අනුව එය ඉතාලියේ සිදුවූ උපතක් සඳහා සැකසූ කේන්ද්‍රයක් නොවන බව මනාව පැහැදිලි වේ. මෙවැනි ප්‍රබල වැරැදි අනාවරණය කරගෙන නිවැරැදි විද්‍යාත්මක ජන්ම කේන්ද්‍රයක් සැකසීම සඳහා උපන් දිනය හා වේලාවට අමතරව උපන් ස්ථානයද විදේශයක නම් අදාළ වේලා කලාපයද ඉතා වැදගත් සාධකයන් වේ. ඊට අමතරව උපන් දිනය වන විට ගණනය කරන ලද අයනංශ ප්‍රමාණය හෙවත් පෘථිවියේ ඇලය ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු සාධකයකි. මෙම තොරතුරු අනුසාරයෙන් නිවැරැදිව සකස් කරගත් ජන්ම කේන්ද්‍ර අනුව පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍රයන් වෙන් වෙන්ව විශ්ලේෂණය කර, පහත සඳහන් කරුණු පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුය.
1. විවාහ වාසනාව හා කාල නිශ්චය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නිසි වයස් එළඹි කල්හි විවාහය ගැන සිතීම අරුමයක් නොවේ. එපමණකුදු නොව තම දූ දරුවන්ගේ අනාගතය ගැන වෙහෙසන මා පියවරු තමන්ට යමක් කමක් කරගත හැකි අවධියේදී දරුවනට පෙලවහක් කරදීමට උත්සුක වෙති. මෙවැනි සමහර මාපියන් වසර ගණනාවක් තිස්සේ තම දරුවාට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සෙවීම සඳහා මුළු සේසතම වැය කරමින් වෙහෙසෙති. එහෙත් විවාහක වයස ඉක්ම ගියද අපේක්‍ෂාවන් සාර්ථක නොවූ අවස්ථා කොතකුත් වේ. සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම සාර්ථක වුවද දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක කුමන හෝ අඩුපාඩුවක් භෞතික හේතුව වශයෙන් පෙරට පැමිණේ. අප වෙතින් විමසුම් කළ එවැනි ජන්මීන් බොහොමයක් දෙනා විවාහයට කැමැත්තක් දැක්වුවද, විවාහ සැපත විඳීමේ වාසනාවක් නොමැත්තෝ බව ජන්ම පත්‍රවලින් අනාවරණය කරගත හැකිවිය. එම නිසා පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍ර හිමියන්ට විවාහ සම්පත විඳීමේ වාසනාව තිබේදැයි බැලීම ප්‍රථම සහ වැදගත්ම කාර්යය වේ. විවාහ වාසනාව ජන්ම පත්‍රයෙන් හෙළි වුවද, අප සිතන කාල සීමාවන්හිදී විවාහයක් නොසිදුවීමට ද විවිධ ග්‍රහ බලපෑම් හේතුවේ. එය විවාහ ප්‍රමාදයයි. මෙවැනි අවස්ථාවන්හිදීද නියමිත පරිදි පොරොන්දම් ගැළපුණද අනපේක්‍ෂිත ප්‍රමාදයන් ඇතිවේ. විවාහය පමාවීම නිසා ජ්‍යෝතිෂයේ පිහිට පතා එන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රයන්හි විවාහ පමාවීමේ ප්‍රබල හේතූන් දක්නට ඇත. මෙවැනි බොහෝ කේන්ද්‍රවල ශනි හා සඳු යන දෙපළගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම මත විවාහය පමාවන බවට ක්‍රිස්ණමූර්ති පද්ධති ක්‍රමයේ එන ඉගැන්වීම අප විසින් කරන ලද සමීක්‍ෂණයන් මගින් මනාව තහවුරු වී ඇත. ඒ අනුව පොරොන්දම් ගැළපුණද වරක් දෙකක් උත්සාහයන් අසාර්ථක වූයේ නම් හේතු විමසිය යුතුය. තවත් සමහර දරුවෝ විවාහය ගැන කිසිදු අපේක්‍ෂාවක් නොමැතිව සිටිති. එහෙත් මවුපියන්ගේ බලකිරීම මත විවාහ සහකරුවන් සෙවීමට එකඟ වෙති. ගෙනෙන කිසිදු යෝජනාවකට කැමැත්ත පළ නොකරති. කුමක් හෝ අඩුපාඩුවක් පෙන්වා ඉන් ගැලවී යති. අවසන තනිකඩව වෙසෙති. දිගින් දිගටම මෙසේ සිදුවන්නේ නම් එවන් අය විවාහයට අකමැති අය වශයෙන් ජෝතිෂ්‍ය විද්‍යානුකූලව හඳුනා ගත හැකිය. අගනුවරට ආසන්න විශ්‍රාමික යුවළකගේ එකම දරුවා වූ විවාහ වන වයසේ සිටි රූමත් දියණිය විවාහය ගැන කිසිම උනන්දුවක් නැතිව සිටීම නිසා මාපියන් සිත් තැවුලෙන් පසුවූහ. ඇය එවකට සරසවි අධ්‍යාපනය ලබමින් සිටි නිසා නොගැළපෙන පෙම් සබඳතාවක් ඇද්දැයි විමසුවද එවැන්නක්ද නොවීය. එකම දරුවා නිසාත්, පවුලට පිරිමියකුගේ එක්වීමක් අපේක්‍ෂා කළ නිසාත් කෙසේ හෝ ඇය විවාහයකට කැමැති කරවා ගැනීමේ මා පිය ප්‍රයත්නය සාර්ථක විය. ඒ සඳහා පවුලේ අය මෙන්ම දියණියද හොඳින් දන්නා හඳුනන ඇගේ සරසවියේම සිටි තරුණයෙක් තෝරා ගැනීමට හැකි වූ අතර, විවාහය සඳහා සියලු දේ සංවිධානය කර හෝටල්වලට අත්තිකාරම් ගෙවා, ආරාධනා පත් සකසා නෑ හිත මිතුරන්ට ආරාධනය කොට මාපියන් බරින් නිදහස් වීමට දින ගනිමින් සිටියහ. විවාහ මංගල්‍යයට හරියටම දින 15 කට පෙර එම දියණිය තමන් විවාහ වීමට අකමැති බව ප්‍රකාශ කළාය. මවුපියන්ගේ සුසුම් මැද මංගල්‍යයට තිත තැබිණි. අදත් ඇය අවිවාහකය. ඉහත කී කරුණු විමසීමෙන් අනතුරුව ඒවාට ධනාත්මක පිළිතුරු සැපයේ නම් පොරොන්දම් ගැළපීමට පෙර විවාහාපේක්ෂිත දෙදෙනා කුමන කාල වකවානුවලදී යුග දිවියට පිවිසේද යන්න විනිශ්චය කළ යුතුය. විවාහ සම්පත හිමි වුවද, විවාහයට රුකුල් දෙන ග්‍රහයින්, පවත්නා මහ දශා, අතුරු දශා අධිපතීන් හා එකඟ නොවීම නිසා ප්‍රමාදයන්ට භාජනය වේ. විවාහය පමණක් නොව හඳහනේ රාජ යෝග තිබුණද එකී කරුණ අරභයා මහ දශාධිපතියාගේ ආවරණය නොමැත්තේ නම් බලාපොරොත්තු ඉටු නොවේ. මෙවැනි විමසීමක් නොකර යෝජනා හඹා යමින් ඒවාට පොරොන්දම් ගැළපීමෙන් යහපතක් සිදුවන්නේ මඟුල් කපුවන්ට, පුවත්පත් ආයතනවලට සහ ජෝතිශ්‍යවේදිනට පමණි. මේ නිසා කුමන කාල වකවානුවකදී විවාහයක් සාර්ථක වන්නේද යන්න ප්‍රථමයෙන්ම විමසීම වැදගත් වේ.
පොරොන්දම් පරීක්‍ෂණය සම්බන්ධයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධති ඉගැන්වීම අනුව මීළඟට වැදගත් වන කරුණු පහත පරිදි වේ.
2. ආයුෂ (අල්පායුෂ, මධ්‍යායුෂ, දීර්ඝායුෂ)
3. ශාරීරික සෞඛ්‍ය (අසාධ්‍ය රෝග/සුවකළ නොමැකි රෝග/හදිසි අනතුරු)
4. දරු සම්පත්
5. රැකියාව, ධනය ඉපැයීමේ මාර්ග සහ ධනය රැඳීම
6. අධ්‍යාපනය
7. විවාහයෙන් පසු අනියම් සබඳතා සහ බහු විවාහ යෝග
මේ අනුව එක් එක් කේන්ද්‍රයන් වෙතින් අනාවරණය වන ඉහත කී මූලික කරුණු පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් පමණක් විද්‍යාත්මක පොරොන්දම් ගැළපීමක් සිදුකළ යුතුය. මෙහිදී ‘විද්‍යාත්මක’ යන පදය යෙදුවේ ඉහත ඡේදයක සඳහන් කළ මූලික දත්තයන් අනුගමනය නොකළ, ජනප්‍රිය දළ කේන්ද්‍රයක් මගින් නිවැරැදි පලාපල කථනය සාර්ථක නොවන හෙයිනි. භාව කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්, ද කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලට වඩා වෙනස්වීම් සුලභව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් දළ කේන්ද්‍රයක 7 වැනි රාශියේ සිටින ග්‍රහයෙක් භාව කේන්ද්‍රයක 6 වැනි භාවයේ පිහිටීමට පුළුවන. ඒ දළ කේන්ද්‍රයක 7 වෙනි රාශියේ සිටින ග්‍රහයා දෙස බලා විවාහය පිළිබඳ කියන ධනාත්මක අනාවැකි භාව කේන්ද්‍රයකදී සමානාත්මක වේ. 7 වැන්න කේන්ද්‍රයක විවාහස්ථානය වන අතර 6 වැන්න යනු 7 වැන්නෙන් 12 වැන්න වන නිසා 6 වැන්නේ සිටින විවාහය කෙරෙහි අසුබයෙක් වනු ඇත.
ජන්ම කේන්ද්‍ර දහස් ගණනක් නිරීක්‍ෂණය කොට නිවැරැදි බවට සනාථ වූ ‘ක්‍රිෂ්ණමූර්ති පද්ධති පොරොන්දම් විනිශ්චය’ අනුව පහත සඳහන් කරුණු දහය අනුව අනේ‍යාන්‍ය ගැළපීම් පිළිබඳ මනා අවධානයක් යොමු කෙරේ.
1. නෛසර්ගික චරිත ගැළපීම.
2. විවාහ ජීවිතයේ සුසංගමිකතාව.
3. ආකල්ප සහ පෙලඹවීම.
4. ජීවිත සන්තෘෂ්ටිය.
5. දෙදෙනා අතර අනේ‍යාන්‍ය අවබෝධය.
6. විවාහයෙන් පසු වාසනාව සහ සතුට.
7. විවාහ යෝග්‍යතාව
8. අදාළ දෙදෙනා අතර විවාහයක් සිදුවීමේ ප්‍රවණතාව.
9. විවාහ ජීවිතයේ ප්‍රසන්නතා.
10. වර්තමාන මහදශාධිපතීන් අනුව විවාහයේ යෝග්‍යතාව.
දෙදෙනාගේ කේන්ද්‍රවල පවත්නා ග්‍රහ පිහිටීම් අනුව මෙම කරුණු දහය පිළිබඳ අනාවරණය වන ප්‍රතිඵල මත සුවිශේෂී වූ ලකුණු ක්‍රමයක් මගින් පොරොන්දම් ගැළපීම් සිදුකෙරෙන අතර, විවාහයට සුදුසු ලකුණු ප්‍රමාණයක් නොලද කේන්ද්‍ර විවාහය සඳහා අනුමත නොකෙරේ. විවාහ ජීවිතය අතිසාර්ථක එකක් බවට පත්කිරීමේ වගකීමෙහි කොටස්කරුවන් වශයෙන් විවාහ යෝජනා සම්බන්ධව සැලකිලිමත්වීමේදී පොරොන්දම් බැලීමට මුල් තැනක් දෙන්නේ නම් මෙම කරුණු පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළැඹ ඇත.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

විවාහ උත්සවයක නැකත් හා චාරිත්‍ර

විවාහ උත්සවයක නැකත් හා චාරිත්‍ර
ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178

විවාහයක් වීමේදී අප රට තුළ විවිධ ආකාරයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවට නංවන බව කවුරුත් දන්නා දෙයකි. එසේ වීද ජ්‍යෝතිෂය අනුව කටයුතු කිරීමේදී වෙනස් වන්නේ නැත. විවාහයට නැකැත් සැදීමේදී මුළුමහත් ශ්‍රී ලංකාව තුළම සිදුවන්නේ ජ්‍යෝතිෂ සිද්ධාන්තයන්ට අනුව ඇති නැකැත් දෝෂයන් මඟහැරෙන ලෙස මනාලයාගේ හා මනාලියගේ උපන් නැකැත් දෙකට සීහෙන නැකැත් දිනයක් තෝරා ගැනීමයි. එහෙත් එම නැකැත් විදි ක්‍රියාවට නැංවීමේ නොදන්නාකමින් අඩුපාඩුකම් රැසක් සහිතව ඉටු කරනු ලබන බව දකින්නට ලැබේ.
විවාහ මංගල්‍යයක් සඳහා නැකැත් සාදවා ගැනීමත් එම නැකැත් චාරිත්‍ර ඉටු කළ යුතු ආකාරයත් පිළිබඳ නිවැරැදිව දැනගත යුතු කාරණා පැහැදිලි කර දීමේ අරමුණින් මෙසේ එකින් එක පහත සඳහන් අයුරින් පැහැදිලි කරන්නෙමි.
නැකැත් සෑදීම
මේ සඳහා අයිතිය ලැබෙන්නේ මනාල මහත්මාගේ පාර්ශ්වයටයි. සුබ කටයුත්තක් සඳහා නැකැත් සෑදීමට යා යුත්තේ උදය වරුවකයි. විවාහ පත්වීමට සිටින දෙදෙනාගේම නිවැරැදිව හඳහන් දෙකද රැගෙන ජ්‍යෝතිෂ කටයුතු නිවැරැදි කරන උගත් කෙනකු ළඟට බුලත් අතක්ද රැගෙන යා යුතු වේ.යෑමට පෙර විවාහ උත්සවය තැබීම පිළිබඳ දෙපාර්ශ්වය එකඟවී විවාහ උත්සවය ගන්නේ කිනම් තැනකද? නිවෙසේද? නැත්නම් උත්සව ශාලාවකද? මනාලියගේ හා මනාලයාගේ නිවෙසේ සිට උත්සව ශාලාවට ඇති දුර ප්‍රමාණය හා එම ගමන් මාර්ගය තුළ වාහනවලින් යෑමට කෙතරම් කාල වේලාවක් ගතවන්නේද? යන වග සමඟම පෝරුවේ චාරිත්‍ර කරන්නේද? නැද්ද? යන කාරණා ඉතා පැහැදිලිව දැනගෙන විවාහ උත්සවයට මාස 06ක් නැත්නම් වර්ෂයකට පෙරවත් යායුතු වන්නේ මඟුල් නැකැත් දිනවලට හෝටලයක් ලබාගැනීමට ඉතා අපහසු බැවින් හා උත්සවයේ නැකැත් කටයුතු කිරීමට වේලාවන්ගේ පරතරය නිවැරැදිව ගණනය කර සකස් කරගත යුතු බැවිනි.
සුබ නැකැත් භාරදීම
මෙම සුබ කටයුත්ත විවාහ උත්සවයට මාස තුනකටවත් කලින් සිදුකිරීම වැදගත්වේ. නැකැත් භාරදීම සඳහා මනාල පාර්ශ්වයේ මවුපියන් ඇතුළු වැඩිහිටි අය කිහිප දෙනෙක් හා මනාලයාද මනාලයාගේ ළඟම මිතුරාද සමඟ නැකැත් කොළය බහාලූ මංජුසාව සහිත බුලත්, කිරිබත්, කැවිලි හා කෙසෙල් සමඟ කිරි මුට්ටි තුන හතරක් රැගෙන නැකැත් භාරදීමට ඇති වේලාවට කලින් මනාලියගේ නිවෙසට ගොස් නැකැත් වේලාවට මනාලයාගේ පියා විසින් මනාලියගේ මවුපිය දෙදෙනාට බුලත් හුරුල්ලක් සහිත නැකැත් බහාලූ මංජුසාව සුබ දිසාව බලා භාරදීම කළ යුතුය. ඉන් අනතුරුව මංගල උත්සවය අඩුවක් නොමැතිව සිදුකරන ආකාරය පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කර ගැනීම එදින සිදුකරනු ලබයි.
සුබ නැකැතින් මඟුල් කීම
මුලින්ම මංගල උත්සවයට ආරාධනා කිරීමේ නැකැත් කටයුත්ත දෙපාර්ශවයම එකම දිනයක එකම වේලාවක සිදුකරන්නේය. මෙම කටයුත්ත සඳහා තෝරා ගන්නේ මනාලයාට මනාලියට ඉතාම කිට්ටු ලේ නෑදෑයකු හෝ ඉතාම ළෙන්ගතු යාළු මිත්‍රයකු වන්නේය. මඟුල් කීමට යනවිට කිරිබත් කෙසෙල් හා බුලත් රැගෙන යා යුතුවේ.
සුදු රෙදි කඩකින් ආවරණය කළ බුලත් ඉලත් තට්ටුවක් මත වටේට බුලත් තබා සුබ නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලියගේ මනාලයාගේ වැඩිහිටියකු විසින් නැකැත් කීමට තෝරාගත් තැනැත්තාට දෑතින් දී විවාහ දිනයට පැමිණෙන ලෙසද ගමන් සඳහා සහභාගි වන ලෙසටද ආරාධනා කළ යුතු වන්නේය. ආරාධනා ලැබෙන තැනැත්තා විසින් එම වේලාවේම ලියුම් කවරයක දමා තම ආර්ථික ශක්තිය අනුව මුදලක් නැකැත් කියූ වැඩිහිටියාට හෝ මනාලයාට ලබාදෙන්නේය. මනාලියගේ කරට රන් මාලයක් පැලඳවීමද පැරැන්නෝ කර ඇත්තේ සෙනෙහස ළෙන්ගතුකම ප්‍රකාශ කිරීමටයි.
මනාලයා විසින් මනාලියට නැකැතට තෑගි ලබාදීම
මනාලියට මංගල දිනයේදී සැරසෙන ඇඳුම් පැලඳුම් ශරීරයේ ප්‍රමාණයට ලස්සනට මස්සවා සකස් කිරීම කළයුතු වන බැවින් මෙම සුබ කටයුතු ඉටුකිරීම විවාහයට මාස දෙකකටවත් කලින් සිදුකිරීම වැදගත් වන්නේය.මෙම නැකැත් කටයුත්ත සඳහා යනවිට වැඩිහිටි අය කීපදෙනකු සමඟ මනාලයාද ගොස් මනාලියට මංගල දිනයට අඳිනු ලබන සියලුම ඇඳුම් පැලඳුම් සාදා ඇති නැකැත් වේලාවට සුබ දිසාව බලා මනාලයා විසින් මනාලියට තෑගි කළ යුත්තේය.
මංගල කප් සිටුවීමේ නැකැත
විවාහ මංගල උත්සවය පැරැණි කාලයේ පැවැත්වූයේ මනාලිය ජීවත් වූ නිවෙසේත් මනාලයා ජීවත් වූ නිවෙසේත්ය. එම නිසා කිරි සහිත ගසකින් ලබාගත් කණු දෙක දෙදෙනාගේම නිවෙස් දෙකේ එකම සුබ නැකැත් වේලාවක සිටුවා පොල් මලක් සහ පොල් ලෙලි සහිත ගෙඩි දෙකක් කණුවේ ඉහළ මුදුන ආසන්නයේ බිමට නොවැටෙන පරිදි ගැටගසා පඬුරු කාසියක් රැගෙන සුදු රෙදි පටියක ගැටගසා තෙරුවන් නැමද සියලු දෙවියන්ට පින් පමුණුවා මෙම මංගල උත්සවයට කිසිදු කරදරයක් බාධාවක් කිසිම අයුරකින් ඇති නොවී සතුටින් සියල්ල නිම කිරීමට සියලුම දෙවියන් අවසර ලබාදෙත්වා යැයි අයැද සිටිමින් පඬුරු, සිටුවා ඇති කිරි ගසේ ගැට ගසන්නේය. කිසිම කරදරයකින් තොරව මංගල උත්සවය කරගන්න ලැබුණු පසු දෙවියන්ට පින් පැමිණවීමට සුදුසු පින්කමක් කර පොරොන්දුවී ඇති අයුරින් බාරය නිදහස් කර මුලින් කිරි ගසේ බඳින ලද පඬුරු ලිහා ගෙනගොස් දේවාලයක පඬුරු පෙට්ටියකට දමන්නේය.
සුබ නැකැතින් තෙල් වලින් ළිප තැබීම
මෙය ඉටුකරන්නේ මංගල දිනයට දින තුනක් හෝ හතරකට පෙරයි. මෙහිදී සාදා ඇති නැකැත් වේලාවට මංගල උත්සවය සඳහා පාවිච්චියට ගැනීමට නොඉඳුල්ව කැවිලි සකස් කිරීම සිරිතය. මේ සඳහා වැඩිපුරම සකස් කරන්නේ කළු දොදොල් වේ. එසේ වුවද ඒ සඳහා සුදුසු වන්නේ තෙල්වලින් සකසන කැවිලි වර්ගයකි. කොකිස් වැනි දෙයක් පැරැණි අය සාදා ගෙන නැවුම් මුට්ටියක දමා සුළඟ නොවදිනසේ මුට්ටියේ කට රෙදි කඩකින් ගැටගසා ඉටි කොළයකින්ද වසා තබන්නේ කිසිදු හානියක් කොකිස්වලට සිදුව නොවන ලෙසයි. මෙම නැකැත් කටයුත්තෙන් පසු අනෙකුත් කැවිලි වර්ග ඕනෑම වේලාවක සාදාගන්න හැකිවේ. මුලින් සාදන කැවිලි පළමුව බුදුන්ට පූජා කර ඉතිරිය උත්සවය සඳහා පාවිච්චියට ගන්නේය.
සුබ නැකැතින් මනාලයා මංගල උත්සවය සඳහා පිටත් වීම
ජීවිතයේ අලුත් ගමනක හා බැරෑරුම් ගමනක ආරම්භය නිසා මෙම වේලාව ඉතාම සුපිරිසුදුම වේලාවක් විය යුතුම වේ. නිවැරැදි දිශාව බලා එදිනට නියමිත පාදය ඉදිරියට තබා පිටත් විය යුතු අතර මනාලයාගේ ඉදිරියට මව වතුර පිරවූ වීදුරුවකට සුදු මල් දමා රැගෙන විත් තම පුතුගේ අනාගත ගමන කිසිදු කරදරයකින් තොරව තිසරණ සරණින් සියලු දෙවි පිහිටෙන් සාර්ථක වේවා! කියා සිතමින් අතැති පැන් ටිකක් දරුවාට පොවන්නේය. වතුර පිරවූ කළයක් රැගත් නිරෝගී කනවැන්දුම් නොවූ විවාහක ස්ත්‍රියක් ඉදිරියට පමුණුවාලීමද පැරැන්නෝ කළහ. මේ වේලාවට රතිඤ්ඤා පත්තුකර සතුට පළකිරිමක්ද සිදුකෙරේ.
මෙහිදී දැනුම්වත් විය යුතුම කරුණු කීපයක් වන්නේ,
එළියට බැස තවත් කාලය තිබේනවා නම් හෝ අනෙක් පිරිස ලැහැස්ති වනතුරු මිදුලටවී සිටීම ඉතාම වැරැදි හා අසුබ ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ සුබ නැකැත් ලැබිය යුතු ඵලය නොලැබී යෑමයි. වතුර වීදුරුවට දමන වතුර හා මල් ඉතා පිරිසුදුව ගත යුත්තේ ගසින් කඩන මල්වල යම් විස සහිත දෑ තැවරී තිබිය හැකි බැවිනි. එසේ යම් වැරැදීම්වී ඇති අවස්ථාවන් මා අසා දැක ඇති බැවින් මෙසේ ඔබව දැනුම්වත් කරන්න සිත් විය. තවත් අය කරන වැරැද්දක් වන්නේ බාගයට ඇඳුම් ඇඳ තිබියදී නිවෙසින් එළියට බැස එළියේ සිට අනෙකුත් ඇඳුම් ඇඳීමයි. මෙයද ඉතාම වැරැදි ක්‍රියාවකි. තවද මෙම නැකැතින් මනාලයා පමණක් නොව මංගල ගමනට යන සියලුම පිරිස මනාලයාගේ පසු පසින් එම මොහොතේම පිටත්වීම කරන්නෙනම් ඉතාම සුබ වන්නේය.
මනාලියට සුබ නැකැතින් වේල් තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම
මෙය කළ යුත්තේ මනාලියගේ මව විසින්ම වන්නේය. මව නොමැති නම් පියා විසින් කළ යුතු වන බවද දෙදෙනාම නැත්නම් ලේ නෑදෑයකු විසින්ම කිරීම වැදගත්වේ. පළමුව තෙරුවන් නමැද සියලු දෙවියන්ට පින් පමුණුවා ඉන්පසු නිවැරැදි දිශාව බලා සුබ වේලාවට මාගේ දියණියගේ අනාගතය කිසිදු කරදරයකින් තොරව සතුටින් සමඟියෙන් සිට යහපත් දරුවන් ලබා සැමියා සමඟ චිරාත් කාලයක් සිටින්න වාසනාව තිසරණ සරණින් සැම දෙවි පිහිටින් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමින් වේල්එක තැබීම හෝ තැල්ල හිස මත පැලඳවීම කළ යුතුවේ. මෙම වේලාවට අනෙකුත් පිරිස නිශ්ශබ්දව සිටීම වැදගත් වේ.
සුබ නැකැතින් මනාල යුවළ පෝරුවට නැඟීම
විවාහයේදී ඉතාම වැදගත් චාරිත්‍රයක් වන මෙය නිවැරැදිව සකස්කර ඇති සුබ වේලාවටම කිරීම නම් අවශ්‍යම බැවින් නැකැත් වේලාවට විනාඩි 15ක් වත් තිබියදී යුවළම පාවහන් ගලවා පෝරුව දෙපස,දකුණු පසින් මනාලයාද වම් පසින් මනාලියද සිටගත යුතුය. මනාලිය තම මව හෝ පියා විසින්ද එසේ නැත්නම් ලේ නෑදෑයකු විසින්ද මනාලයා තම පියා විසින් හෝ පිය පාර්ශ්වයේ පිරිමි අයකු විසින් පෝරුවට නැංවිය යුතු වන්නේය. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර නිවැරැදිව ඉටු කිරීම ඉතාම වැදගත් වේ. ස්තෝත්‍ර කීමට ගන්නා පුද්ගලයා නිවැරැදිව ඒ පිළිබඳ දන්නා කෙනකු වීමද වැදගත්ය. ඇතැමුන් පෝරුවේ ස්තෝත්‍ර කියන්න පැමිණියත් මොනවා හෝ කියා වේලාව ගත කරයි. මා එම පෝරුවේ කටයුතු ගැන මෙතැනදී පෙන්වා දෙන්න නොයන්නේ ලිපිය දිගු වන බැවිනි. වෙනත් ලිපියකින් එය පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙමි.
සැලකිය යුතු කරුණු වන්නේ අද සමාජයේ වැඩිපුරම මංගල උත්සවය ගන්නේ උත්සව ශාලාවක බැවින් එහිදී සිය ගණනක් දෙනා භාවිත කළ පෝරුවක් භාවිතා කිරීම සිදුවන්නේ කාර්ය බහුල සමාජයක් බැවිනි. නමුත් මෙය දෝෂ සහිත වන බැවින් එයින් මිදී යහපත ඇති වීමට කළ යුත්තේ අඩි දෙකක් පළල හා අඩි තුනක් දිග කිරි ගසකින් ලබාගත් අලුත්ම ලෑල්ලක් ගෙන පෝරුව මත තබා ඒ මත්තට යුවළ නංවා පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීමයි.පෝරුවේදී පමණක් නොව සෑම විටදීම ජයමංගල ගාථා හෝ නිවැරැදි මංගල අෂ්ටක හැර වෙනත් හදන ලද කවි ගායනා කිරීම ඉතාම භයානක වන්නේය. නිවැරැදි සුබ ඵල ලබා දෙන ශාස්ත්‍රානුකූලව සකස්කර නැති කවි ගායනා කිරීමෙන් වස් කවියකින් විපත් වන්නා සේ විනාශයක්ම වන්නේය. මංගල අෂ්ටක කීමට දරුවන් ඔතතේ ගණනක් ගත යුතු වේ.
තැළි පිළි ඇන්දවීම, මාල කර පැලඳීම,මුදු මාරු කිරීම, මවට පියාට තෑගි දීම,අතපැන් වත්කිරීම
යන චාරිත්‍ර සඳහා සමහර නොදන්නා අය විසින් වෙන වෙනම වේලාවන් සාදාදී ඇති අවස්ථා ඇත. එයට වොලාවක් වෙන වෙනම අවශ්‍ය වන්නේ නැත. පෝරුව මත යුවළ සිටින මුළු කාලයම සුබ බැවින් එම කාලය තුළ එම චාරිත්‍ර සියල්ල කළ යුතු වේ. එසේ කළද කිසිම දෝෂයක් වන්නේ නැත. තවද සුදු පිරුවට පෝරුවේදී මනාලයා විසින් දීම කළ යුතුය. එසේ නොමැතිව රතු සාරිය හැට්ටය පෝරුවේදී පැලඳවීම යුතු වන්නේ නැත.
සුබ මොහොතින් යුවළ පෝරුවෙන් බැස්ස වීම
තලප්පාවක් ඔළුවේ බැඳගත් මනාලියගේ මාමා විසින් නැකැත් වේලාවට යුවළගේ දෑතින් අල්ලා පෝරුවෙන් බස්සවා මනාලයාගේ මාමා කෙනකුට හෝ බාප්පාට යුවළ බාරදෙන්නේය. පෝරුවෙන් බසිද්දී එයට සරිලන ස්තෝත්‍රය ගායනා කරද්දී පොළොවට පා තබනවාත් සමඟම පුරා පුරා යන වචනය ස්තෝත්‍ර කියන තැනැත්තා විසින් කියන විටම මනාලියගේ බාප්පා කෙනකු විසින් පොල් ගෙඩිය දෙහි ගෙඩියද බුලතයද කැපීයන අයුරින් මන්නයකින් පුරා ගසන්නේය. පුරා ගසන ලද සියලු දෑ තිරිසන් සතුනට ආහාර නොවන පරිදි තැබීම කළ යුතු වන්නේය.
සුබ මොහොතින් විවාහ ලියාපදිංචි කිරීම
සිංහල ක්‍රමයට පෝරුවේදී යුවළ විවාහය සිදුකර අවසන් වුවත් ලන්දේසීන් අපට හිමිකර දුන් අයුරින් රාජ්‍ය නීතියට අනුව විවාහය නීතිගත කිරීම මෙහිදී සිදුකරන්නේය. පෝරුවේ චාරිත්‍රවලින් පසුව සුබ වේලාවක් ඇති බැවින් එම වේලාවටම සිදුකිරීම ඉතාම වැදගත් වන්නේය. වැඩිපුර දැක ඇත්තේ මේ සඳහා සාදා දී ඇති නැකැත් වේලාවට නිවැරැදිව විවාහයට අස්සන් තැබීම සිදුනොවන බවයි. හේතුව වන්නේ සුබ දිනයකදී මංගල උත්සව රැසක් ඇති බැවින් ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තාට කාර්ය බහුලවීමයි. අප එම නිසා ඒ සඳහා පෙර සූදානමක් වීම වැදගත් වන්නේය. එම නිසා විවාහ ලියාපදිංචි කරන තැනැත්තා හමුවන්නට ගොස් නැකැත තිබෙන වේලාව එතුමාට දන්වා එම වේලාවට පැමිණීමට නොහැකි නම් අස්සන් කරන කොළය ඉල්ලා ගෙන පැමිණ නිවැරැදි නැකැත් වේලාවට අස්සන දෙදෙනාම තබා පසුව ලියාපදිංචි කිරීමට පැමිණෙන තැනැත්තා පැමිණි පසු නීතිමය අයුරින් ඉතිරි කටයුතු ඉටු කරවා ගැනීමයි.
සුබ නැකැතින් යුවළ මධුසමය ගතකිරීම සඳහා පිටත් වීම
මෙම වේලාවද නිවැරැදිව ඉටු කරගත යුතුම වේ.මංගල සභාව සියල්ල නිමවී මවුපියන් හා වැඩිහිටි අයට වැඳ නමස්කාර කර පිටවිය යුතුයි. සමහර තැන්වලදී මා දැක ඇත්තේ නැකැත් වේලාවට නිවෙසින් එළියට පැමිණ මංගල සභාව පවත්වා ඉන් පසු යුවළ පිටත් වීම සිදුකරන බවයි. එය ඉතාම නරක හා අසුබ ක්‍රියාවක් වනු ඇත.
යුවළ පිටවෙද්දී මනාලියගේ මව විසින් දිය බඳුනක් රැගෙන ඉදිරියට පැමිණ දරුවන් දෙදෙනාගේ යුගදිවි ගමන සාර්ථක වේවා යන සිතින් යුතුව වතුර ටික ටික දෙදෙනාට පොවා ආශීර්වාද කරන්නේය.
යුවළ නිවෙසින් පිටවිය යුත්තේ පෝරුවේ නඟින විට අඳින ලද මංගල ඇඳුම සමඟින්ය. ඒවා ගලවා නොයෙකුත් විකාර ඇඳුම් ඇඳ පිටත් වීම නිසා අසුබ පල අත් කරගන්නේ තමන්ගේම වරදින්ම වේ. පැරැණි කාලයේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කිරීම නිසා යම් අයුරින් අවැඩක් සිදුවීමෙන් දික්කසාද එන්න එන්නම වැඩිවී ඇත්තේය.
සුබ නැකැතින් දෙදෙනා ප්‍රථම කායික එක්වීම
පෙර සඳහන් කරන ලද සියලුම නැකැත්වලට වඩා විවාහයට තදබල ලෙස බලපාන්නාවූ අති ප්‍රබලම නැකැත මෙය වන්නේය. ගෙයකට මුල්ගල තබන්නා සේම විවාහයේ ආරම්භය මෙතැන වන නිසා මෙය අසුබ වේලාවක සිදුකරනු ලැබුවේ නම් විවාහයේ නීරස බව ඇතිවීම කාටනම් වැළැක්විය හැකිද? මෙම නැකැත හදන්න දන්නේ මුළු ශ්‍රී ලංකාවේම ජෝතිෂය කරන අය අතරින් ඉතාම සුළු පිරිසකි.
මහා මංගල උත්සවයට යුවළ පිටත් වීම
පෙර දින රාත්‍රිය ගතකළ ස්ථානයේ සිට මහා මංගල උත්සවයට පිටත් වීමට මෙම වේලාව භාවිත කරයි. මෙය එතරම් ගණන් නොගන්නා දෙයක් ලෙස දැන් සමාජය තුළ පවතිනු ඇතත් මෙම නැකැතද යහපත් ග්‍රහ බලයක් පවතින වේලාවක් තෝරා ගැනීම වැදගත් වන්නේය. මෙම උත්සවය පැවැත්විය යුත්තේ මනාලයාගේ නිවෙසේ වුවත් දැන් පහසුව නිසාම උත්සව ශාලාවක් ඒ සඳහා යොදා ගන්නේය.මෙම උත්සවයේ පැරැණි කාලයේ අරමුණ බවට පත්වූයේ තම දීග ගිය දියණියගේ පතිව්‍රතාව පිරිසුදු බව නිවැරැදි බවට සමාජයට පෙන්වීමයි.පෙර දිනයේ පෝරුවේදී අන්දවන ලද සුදු පිරුවට මනාලයාගේ නිවෙසේ යුවළගේ කාමරයක තබා තිබියදී මහා මංගල ගමන පැමිණෙන මනාලියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් එම කාමරයට ගොස් පිරුවට රෙද්ද පරීක්ෂා කරයි.එහි නිවැරැදි ලකුණ දුටොත් තම තමන්ගේ වත්කමේ ප්‍රමාණයට එම පිරුවට මතට මුදල් සමහර තැන්වලදී රන් ආභරණද දමා පිටතට පැමිණ රබානක් රැගෙන ගී කියමින් රබන් ගසමින් නටා තම දියණියගේ සුපිරිසුදු භාවය ගැන ආඩම්බරයෙන් සමාජයට පෙන්වන්නේය.දැන් සමාජය තුළ එවැනිදේ පහත් අයුරින් සිතා කටයුතු කරන්නේය.මේ නිසාම අද අප රටේ පෙර තිබූ යහපත් දෑ විනාශයත් සමඟම මිනිසුන් බටහිර පන්නයට සිතන නිසාම යහපත් දේ බැහැර කිරීමත් සමඟම උසාවිවල දික්කසාද ගොඩ වැඩිවී තිබේ.
වැදගත් කියල හිතුණ නම් like ක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…