ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178
ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි
0777406178
සෙත් කවි කියා අවසන් වූ විට එම කවි දෙවියන්ට ඔප්පු කරනවා කියා දේවාලයේ පිළිමය ලග හෝ පන්සලේ බුදුගෙයි නැත්නම් බෝධිය තුලට දමා එන්නේ සෙත් කවියක් දෙවියන්ට ඔප්පු කරනවා යනුවෙන් කලයුත්තේ කුමක්දැයි නොදන්නා කමිනි. එසේ දමා එන සෙත් කවි රැගෙන ගොස් එහි ඇති නම වෙනස් කොට තමන් සෙත් කවිය ලියා දුන් ලෙස කවි සකසා දී මුදල් උපයන පිරිසක්ද සිටින්නේය. මෙලෙස වැරදි කවි ලියන ලියවා ගන්නා පුස් කවි හෙවත් තම නමට උපන් නැකතට අනුව ගණ පිහිටුවා නොලියන ලද කොතරම් කීවද කිසිදු ප්‍රථිපලයක් බලාපොරොත්තු විය නොහැකි වේ. එම වැරදි කවිය කියවූ නිසාම මහා විනාශයක්ම අත්වන්නේ තම නමට උපන් නැකතට අනුව සිහෙන සෙත් කවියක් නොවන බැවිනි.
සෙත් කවියෙන් තම බලාපොරොත්තුව ඉටුකර ගන්නට නොහැකි වීමට හේතු වන්නේ .........
පල ලබන්නට සෙත් කවියක් සාදනවා නම් තමන් උපන් නැකතට හා නමට ලග්නයට පංච භුතයට අනුව නිවැරදිව ගණ පිහිටුවා සුබ නැකත් හෝරාවක අවශ්‍ය කාරණාවට අනුව සුදුසු ස්ථානයක සිට සෙත් කවිය සකස්කර ගත යුතුය. මේ සදහා නිවැරදිව ශබ්ද සාස්ත්‍රය දන්නා උගත් නිරෝගී ඉතා සුපින්වත් ජීවිතයක් ගතකරමින් සිටින දැහැමි කෙනෙකුම ඔබ තෝරා ගත යුතුය.
නිවැරදි සෙත් කවියක් ලියවා ගත් පසු එම සෙත් කවිය කියවීමද නිවැරදිවම කරගත යුතුවේ. මේ සදහා වැඩිපුරම පිරිසක් සෙත් කවිය කියවීමට තෝරා ගන්නේ කපු මහතෙකු යයි කියා ගන්නා පුද්ගලයෙකි.නැත්නම් පන්සලේ අපගේ හාමුදුරුවරුන්ය. මෙම දෙකම ඉතාම වැරදි ක්‍රියාවකි.ඉතාම සුදුසුම වන්නේ ඔබට හොදින්ම ආදරය කරන ලගින්ම ඔබගේ දුකට සැපට එක ලෙසම සිටින මව පියා බිරිද සැමියා නැත්නම් දුවා දරුවන් සහෝදර සහෝදරියන් හෝ මිතුරා හෝ මිතුරියයි. එවිට කවියේ ඇති බලය සේම හදවතින්ම ඔවුන් ඔබට දක්වන සෙනෙහස සමග එකතු වී ප්‍රථිපලය ඉක්මනින්ම ලැබෙන්නේය.
“නැ නැ ඔය බොරු සෙත් කවිය කියන්න ඕන කපු මහතෙකුමයි නැත්නම් වස් වදිනව ගැහැණු උදවියට සෙත් කවි කියන්න හොද නෑ” මෙවැනි බොරු බේගල් ප්‍රචාරය කරමින් මිනිසුන් බියගන්වන්නේ බෝධියක් ලග එසේ නැත්නම් දේවාලයක් ලග ඉදගෙන මුදල් හම්බකරන්න හදන නූගත් අයයි.කපු මහතා දෙවියන් මවල එවපු කෙනෙක්ද? නෑ ඔබ අප වගේම අම්ම කෙනෙකුගේ කුසින් ඉපදුණු කෙනෙක් තමයි ඔහුත්. රැකියාව වශයෙන් තෝරාගෙන ජීවත් වන්න කරන උත්සහයක්. ඒකත් පිළිවෙලට කරන අය ඉන්නේ කීදෙනාද? වැඩිපුර ඉන්නේ මුදල් ගරාගන්න වැඩ කරන අය. පෝය ලගාවෙනකම් ඇගිලි ගැන ගැන ඉදල සෙත් කවි කියන්න යනවා. බලන්න ඒකවත් හරියට කරනවද? වරද්ද වරද්ද කියවනවා. පෝය දිනවලට දේවාලයට ගිහිල්ලම බලන්න.තාරගයට වගේ දෙන්න තුන්දෙනා මහ හයියෙන් තමන්ගේ කවිය අනිත් අය යටකරගෙන යන්න හිතාගෙන කියවනවා. එහෙම සෙත් කවි කියවා පල ලබාගන්න කිසිවිටකත් බැහැ.මෙහෙම කවි කියල මුදල් ගන්න එකත් සසරේ පලදෙන මහ අකුසල කර්මයක්.
සම්බුදු දහමට අනුව සිල් රකින අපේ හාමුදුරු වරුන්ගෙන් මම විමසල තිබෙනවා සෙත් කවි කීම යාග හෝම ශාන්ති කර්ම කිරීම අපේ හාමුදුරුවරුන්ට අකැපයි නේද? කියා. එය සතයක් බවත් ගිහියන් පැමිණ කරදර කරන නිසා සෙත් කවි කීමට සිදුවී ඇති බවත් පවසා තිබෙනවා. එසේ නම් අපේ මුදුන් මල්කඩ බදු හාමුදුරුවන්ට කියා සෙත් කවි යාග හෝම කරවා ගන්නට මින් පසුව වත් යන්න එපා. එසේ කළහොත් සංඝයා වහන්සේලාගේ උතුම් සීලය බිදීමේ අකුසල කර්මයට හසුවනු ඇත. දැන උගත් ඔබ දන්නා සංඝයා වහන්සේ නමකගෙන් විමසා බලන්න එවිට සත්‍ය වැටහේවි.

ප්‍රථිපල ගන්නට සෙත් කවිය කියවන්නට නම්.........
පසළොස්වක පෝයට පෙර දින තුනක් හෝ හතක් ඉතා භක්තියෙන් සෙත් කවිය අතිති කරුද සෙත් කවිය කියවන්නාද වත් පිළිවෙත් රකිමින් මස් මාංශ වලින් වැළකී ඉතා සිල්වත්ව සිටීමෙන් සෙත් කවිය කියවීම කළහොත් ඉතාම ඉක්මනින් යහපත් ප්‍රථිපල ලැබීමට වාසනාව ඇතිවන්නේය.
සෙත් කවිය කියවන වෙලාවට සෙත් කවියේ අයිතිකරු සහභාගී නොවේනම් විදේශයක සිටියත් සෙත් කවියක් ඔහු හෝ ඇය වෙනුවෙන් කියවන බව ස්ථිරවම දැනුවත් විය යුතුය. එසේ නැත්නම් සෙත් කවියෙන් බලාපොරොත්තු වන දේ ඉටුවන්නේ නැත. එය පහදා දෙනවා නම් එකම නම ඇති සියලුම දෙනාට ප්‍රථිපලය බෙදී යයිද? තවත් පැහැදිලි කරනවා නම් දුරකථනයක ඔබට අවශ්‍ය කෙනාගේ අංකයට කථා කරවිටඑම මොහොතේ රිසිවරය ඔහු හෝ ඇය එසවූයේ නැත්නම් එය විසන්ධි වේ.එවැනි විදියට සෙත් කවියද අපතේ යන්නේය.එබැවින් සෙත් කවිය කියන මොහොතේම සෙත් කවියේ අයිතිකරු ලොව කොතැනක සිටියත් දැනුවත් වී ඔහු හෝ ඇය එම සෙත් කවියෙන් මට යහපතක්ම වේවා යයි සිතීමෙන් ඉක්මන් සාර්ථක පල අත්වේ.

සෙත් කවිය කියවන්නට සුදුසුම වෙලාව.........
නිවැරදිව ලියවාගත් සෙත් කවියද රැගෙන රාත්‍රී 9ට පසු ඉතාම නිහඩ පරිසරයක ඇති නිතර පුද පූජා පවත්වන බෝධීන් වහන්සේ නමක් ඇති ස්ථානයකට ගොස් බෝධීන් වහන්සේ අවට හොදින් පවිත්‍ර කර පහන් මල් පැන් ගිලන්පස දැහැත් සුවදවත් හදුන්කුරු හා බෝධීන් වහන්සේ දෝවනය කිරීම සදහා පැන් තබා කාටවත් කරදරයක් නොමැති ස්ථානයක (වඩාත් සුදුසුම වන්නේ ඊසාන දෙස බලා) පහසුවෙන් වාඩිවී පළමුව දෑස් වසාගෙන දොහොත් මුදුන්දී පන්සිල් ගෙන තුරුණුවන් වැද සියලු පූජා දෑ ගාථා කියා බුදුන්ට පුජාකොට දෙවියන්ට පින් පමුණුවා අණතුරුව තුන් සුත්‍රය පිරිත හෝ ඔබ දන්නා පිරිත් සුත්‍රයක් කියා අවසන් වීමෙන් පසු සෙත් කවිය අතට ගෙන මෙම සෙත් කවිය ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේටත් ශ්‍රී කතරගම දිව්‍ය රාජයාණන්ටත් ඔප්පුභාර කරගෙන අපගේ බලාපොරොත්තුව ඉටුකර දේවා යනුවෙන් කියා සෙත් කවි කොලය අතට රැගෙන කලබල නොවී මිහිරි හඩින් තාලයට කියවන්න. අකුරු වචන වරද්දන්නේ නැතිව එක කවියක් වාර හතක් හෝ තුන් වරක් කියවා අවසානයේ දෙවියන්ට පිං පමුණුවා සෙත් ඉල්ලා සිටින්න.දේවාල ඇතුලේ සිට සෙත් කවි කියවීමට වඩා එළිමහනේ සිට කියවීම ඉතාම යහපත් ප්‍රථිපල ලැබීමට හේතු වන්නේය.
සෙත් කවිය කියවීමට ප්‍රථම දෙවියන්ට ස්ත්‍රෝත‍්‍ර කියවන්නම අවශ්‍ය වන්නේ නැත. දෙවියන්ගේ පිහිට පිං පමිනවීමෙන් ලැබේ. එහෙත් සෙත් කවියෙන් ප්‍රථිපල ලැබෙන්නේ කවිය ගොඩනගා ඇති සුභ ගණ හා අකුරු එක් වීමෙන් ඇතිවන ශක්තිය වාතලයට මුසුවී සෙත් කවිය අයිතිකරුගේ ශරීරයට විශ්ව ශක්තිය සමග ගොස් ශරීරය තුලට ඇතුළු වී සිත තුල ඇති දුර්වල ශක්තීන් ඈත්කර යහපත් තත්වයට පත්කර ලීමයි. එසේම තම පැතුමන් ඉටුවීමට අවශ්‍ය බලයද විශ්ව ශක්තීන් තුලින් ගොඩනගා පැතුමන් ඉටුකරලීම සිදුවන්නේය.

මෙහි සදහන් සියලු කරුණු පිලිබදව වගකීම මා දරන බවද නොබියව දන්වා සිටිමි.
වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…

No comments:
Post a Comment