ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ජී.ජි.කේමන් කුලසිරි
0777406178
ඔබ නිවසට යම්විට විවිධ අය පැමිණෙන්නේ මිත්‍රත්වයට හිතවත්කමට එසේත් නැත්නම් නෑදෑකම ඇති නිසාවෙනි.මෙසේ පැමිණෙන අය ඔබ සමඟ සතුටු සමිච්චියේ යෙදීම සාමාන්‍ය සිදුවීමකි.මෙසේ සිට ටික වෙලාවකින් ඔබ කතාව නතර කර නිවාස තුලට යන්නේ සංග්‍රහ කිරීමට අවශ්‍ය දේ පිළිවෙල කිරීම සඳහාය.පැමිණි අමුත්තා තනි වන්නේ එවිටය.ඔහු හෝ ඇය වැඩිවී සිටින අසුනින් නැගිට ගොස් නිවාස හා ගෙමිදුල ගැන නෙත් යොමා හොඳින් විපරම් කර බලන්නේ තනිව සිටින්නට අපහසු බැවිණි.ටික වෙලාවකින් සැකසු සංග්‍රහය රැගෙන ආලින්දයට පැමිණි ඔබ නැවත සුපුරුදු පරිදි කතාව අරඹයි.ඔය අතර තුර කතා කිරීමට කුමක්හෝ මුල් කරගත යුතු බැවින් අමුත්තා පෙරදී වටපිටාව විමසා ලබාගත් තොරතුරු ඇසුරු කරගෙන ඔබට යම් යම් උපදෙස් දීමට පටන් ගනු ඇත.“ඔය බුදු පහන තියෙන දිසාව හොඳ නැහැ ,මේ දිසාවට පහන තැබුවම අසුබ ඵල ලැබෙනවා” “ජනේලය,දොර තියෙන්නට ඕනැ මේ දිසාවට නොවෙයි” “කුස්සියේ ලිප තිබෙන තැන වැරදියි” “නිදන කාමරය තියෙනට ඕනෑ මේ දිසාවට නිවෙයි” “මිදුලේ මේ වර්ගයේ ගස් සිටුවහන්න හොඳනැහැ” “කව්ද මේ විදියට මේවා කලේ” කියමින් කතාව කරගෙන යනු ඇත.ඔබද ඒවා අසා බිය වන්නේය, තතිගන්නේය නැති කරදර ඔලුවට දා ගන්නේය.එම තොරතුරු පැවසු පුද්ගලයා මේ විෂය පිළිබඳව ඉගෙනගෙන තිබේද යන්න ඔබ විමසා බලනේද නැත.යම් හෙයකින් “ඔබ මෙලෙස පවසන්නේ මේ විෂය පිළිබඳව ඉගෙනගෙනද”යි ඔබ විමසුවහොත් ඔහු පවසන්නේ ඔහුද කාගෙන් හෝ ඇසු දෙයක් බවයි.කව්රුන් හෝ කියූ දෙයක් බවයි.
නමුත් සාස්ත්‍රානුකුලව ඒ පිළිබඳව හැදෑරීමක් නොකළ පුද්ගලයකු පවසනා දෙයකින් ඔබ කලබල විය යුතු නැත.වසර 25ක් තුළ නිවාස වල වස්තු දෝෂ හා වින දෝෂ බැලීමට ගිය අවස්ථාවන්හිදී මා ලද අත්දැකීම් වලින් බිඳක් ඔබට ඉදිරිපත් කරමි.වාස්තු ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි පුර්ණ දැනුමකින් තොරව වස්තු දෝෂයන්ට උපදෙස් දීමට ගොස් වාස්තු විෂය පිළිබඳව කිසිවක් නොදත් අහිංසක මිනිසුන් රටටම ණයවී සාදාගත් නිවාසේ විවිද දොස් ඇති බව පවසා ඒවා නිවැරදි කිරීමට නම් නිවසේ යම් යම් කොටස් කඩා නැවත සැදිය යුතු බව පවසා එම නිවාස කඩා දමා තිබු අවස්ථා මා දැක ඇත.එසේම ළිඳ ගිනිකොණ දිසාවෙන් හදනට උපදෙස් දෙන අයද වැසිකිලි වල ඊසාන දෙසින් සැදීමට උපදෙස් දී තිබු අවස්ථා මා හට හමුවී ඇත.එසේම ගිනිකොණ ආහාර පිසින ලිප සාදා ඊට සමාන්තරව ඉහලින් වතුර ටැංකිය සවි කර තිබු අවස්ථාද මා දැක ඇත.එසේම නිවසේ හෝ ඉඩමේ ගිණි කතුරට අසුවන ආකාරයට ළිඳ ,වැසිකිළිය සාදන්නට යොමු කර තිබෙනු ම දැක ඇත.මෙසේ සාස්ත්‍රානුකුලව ඒ පිළිබඳව හැදෑරීමක් නොකළ පුද්ගලයකු ලබාදෙන වැරදි ලෙස උපදෙස් නිසා අවසානයේ අපහසුතාවයන්ට පත්වන්නේ අසරණ මිනිසුන්ය.
මේ මා ලද තවත් එක් අත්දැකීමකි.......
මාතර රුහුණු සරසවිය අසල පිහිටි මගේ දියණියගේ මිතුරියකගේ නිවසට මා දියණිය කැටුව ගියෙමි.ඇගේ පියා පෙදරේරුවෙකි.තට්ටු නිවසක් සැදීමේදී ඉහළ මාලයෙන් බිමට ඇදවැටීම නිසා කොඳුඇට වලට හානිවී ඔත්පලවී තිබුණි.වටපිට බලමින් සිටින අතරතුර මා හට දැකගන්නට හැකි වුයේ පැරණි නිවසටම අළලා ඊට වඩා අඩියක් පමණ උස්වන ආකාරයට නව නිවාස සාදා වහලය ගසා එහිම පදිංචි වී සිටිමින් නිවසේ ඉතිරි වැඩ කරගෙන යමින් තිබෙන ආකාරයි.නිවසේ ප්‍රධාන දොර කෙලින්ම නව නිවසේ දොර පිහිටා තිබු අතර නව නිවසට ඇතුළු වීමට පරණ නිවසේ දොර සමග පඩි දෙකක් යොදා තිබෙනු දැකගත හැකි විය.එසේම පරණ නිවසේ බිත්තියට ඉටි කොලයක් තබා අලුත් නිවසේ බිත්තිය ඊට අළලා සදා තිබුනේ එසේ සෑදීමෙන් දෝස දුරුවන බව එම ගෙය මැනුම් කිරීමට පැමිණි ජෝතිෂ්‍ය හා වස්තු විද්‍යාව දන්නවා යැයි කියාගන්නා එම ප්‍රදේශයේම ගුරුවරයෙකු විසින් පවසා තිබුණි.ඔහු ගැන විශ්වාසයෙන් ඔහු කි ලෙසට නිවස සැදීමට කටයුතු කල එම නිවසේ පුද්ගලයන් අසරණතත්වයට පත්වී තිබේ.නිවසද තවම වැඩ නිමවා නැත.නව නිවාස සැදීමට පටන්ගත් පසු මුලින්ම එම නිවසේ විසූ වැඩිමහල් පුද්ගලයා වූ මිත්තණිය වැටි අස්ථි බිඳී ප්‍රතිකාර ලබමින් සිටි ඒ අතරම පියාද වැටි ඔත්පලවී ප්‍රතිකාර ලබමින් සිටියි. එම නව නිවස අවිස්සාවේල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා නිලදාරී මහතකුගේ නිවසක් බව පසුව දැනගන්නට ලැබුණි.
මෙම තත්වය ඇතිවුනේ නිවැරදි දැනුමක් නොමැති පුද්ගලයකු ලබා දුන් වැරදි උපදෙස් නිසා ඇතිවූ නිවසේ වාස්තු දෝෂ නිසා බවත් එම දෝෂ සඳහා පිලියමක් නොකලොත් ඉදිරියටත් බලපානු ඇති බව මම ඔවුන්ට පහදා දුන්නෙමි.
ඔබ නිවසකට යා කර නව නිවසක් සාදන්නේ නම් ඉටිකොළ හෝ රෙජිෆොම් නිවාස දෙකෙහි බිත්ති අතරට තබා නිවාස දෙක වෙන් කරන්නට කිසිවකු විසින් උපදෙස් ලබා දෙන්නේ නම් ඔහු නිවැරදිව වස්තු විද්‍යාව දන්නා පුද්ගලයකු නොවන බව තේරුම් ගන්න.
නිවැරදි ක්‍රමය වන්නේ නිවාස දෙකක් අතර දුර හරක් පෙල්ලුවක ප්‍රමාණයක (අඩි 9ක් ) දුරක් තැබිමයි.පෙර දැක්වූ නිවසේ මෙන් ඉටිකොළ හෝ රෙජිෆොම් භාවිත කර නිවාස වෙන් කිරීමෙන් ඵලක් නොවේ.එය නැති විපත් ඇති කර ගැනීමකි.එසේ නිවසකට නිවසක් යාව සැදීමට ඔබට අත්‍යවශ්‍ය නම් නිවාස දෙකම එකම නිවසක් සේ සලකා නිවාස දෙකම එකවර මන්නවා ,පෙර නිවසේ පාද වලට හානි නොවන ලෙසත් එහි වූ දොර උළුවහු ප්‍රමාණයට සරිලන පරිදිත්,දැනට භාවිත කරනා ළිඳ වැසිකිළිය ගැනද අලුතින් නිවසට එක් කිරීමට බලපොරොත්තු වෙන ප්‍රධාන දොර කුස්සිය අතුළු කොටස් හා ගෙවත්තට ඇතුලුවෙන ගේට්ටුව පිහිටන ස්ථානය ආදීය පිළිබඳව කල්පනාකාරී විය යුතුය.
ඔබගේ නොදන්නාකම් ප්‍රයෝජනයට ගෙන වැරදි උපදෙස් ලබාදෙන පුද්ගලයන් බහුලය.ඔබගේ දැනුවත්භාවය එවැනි වංචනිකයන්ට හසු නොවී සිටීමට වැදගත් වනු ඇත.

වැදගත් කියල හිතුණ නම් like එකක් දාලම යන්න >>>
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…
https://www.facebook.com/…/Astrology-The-m…/302755829894415…
No comments:
Post a Comment